ශ්‍රී ලංකා කිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබදව එහි නායකයා වශයෙන් කණගාටුවන බව එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග පැවසීය.
කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ බවත් බලාපොරොත්තු වූ පරිදි ජයග්‍රහණය කළ නොහැකි වූ බව ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව සැප්තැම්බර් 03 දා කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කොට සිටියේය.
තරගාවලිය ආරම්භයේ සිටම අඩු පාඩු සිදුවූ නිසා පිතිකරුවන්ට අපේක්ෂිත ලකුණූ කරා යොමුවීමට නොහැකිවීම විශාල අවාසියක් වූ බව උපුල් තරංග සදහන් කළේය. පැවැති එක්දින තරග පහ තුළදී සිය කණ්ඩායමට ලකුණු 250කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත නොහැකි වූ බව කී ඔහු එනමුත් කණ්ඩායමට ලකුණු 275ක්වත් ලබා ගැනීමට අවශ්‍ය වුණු බව කීවේය.
මෙම තරගාවලිය අවසන් වූ නමුත් මාසයක් වැනි කාලයකදී තවත් තරග සදහා මුහුණදිය යුතුව ඇතැයි කී උපුල් තරංග මෙසේ ද ප්‍රකාශ කළේය.
".....අපට පුහුණුවීම් සදහා ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. පන්දු යැවීම, රැකීම හා පිති හරඹය යන අංශ තුනෙන්ම අප ඉදිරියට පැමිණිය යුතුයි. ඉන්දියානු කණ්ඩායම අන්තර් ජාතික වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් සමග තරගවැදී ජයග්‍රහණය කිරීම අපට අසීරු කාර්යයක් වුණා.
එක්දින තරගයකදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් අට දෙනෙකුවත් තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය යුතුයි. මෙම තරගයේදී අපට පසු පෙළ ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගය ඉතාම අවම තත්ත්වයකයි පැවතුණේ.
ක්‍රීඩකයෙකු ලෙසත් නායකයෙකු ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබදව කණගාටුවෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ අප අපට අවශ්‍ය පරිදි ක්‍රීඩා කළේ නැහැ. ක්‍රිඩකයන් ද සිය දස්කම් පෙන්නුවේ නැහැ. නමුත් අපට ඉදිරි තරග සදහා ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. එහිදී පුහුණුවීම තුළින් වඩා යහපත් තරගයකට මුහුණදීමට අපට හැකිවේවි. කණ්ඩායමේ පසුබෑම සමග ප්‍රේක්ෂකයන්ද කණ්ඩායම අතහැර දමන තත්ත්වයක් දුටුවා. කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන විට මුළු රටක්ම අප සමග ඉන්නවා යන හැගීම අපට අවබෝධ විය යුතුයි. එය තමයි අපට ඇති ලොකුම ශක්තිය..." යැයි කණ්ඩායම් නායක උපුල් තරංග වැඩිදුරටත් සදහන් කළේය.
කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට

