SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර විසූ ශ්‍රී ලාංකික තිදරු මවක් වෙන්වූ සැමියාගේ පිහි ඇනුමකින් ජීවිතක්ෂයට

මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ මිය ගිය කාන්තාවගෙන් වෙන්වුණු ඇයගේ සැමියා බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇත.

Police tape
Police tape Source: AAP

2 min read

Published

Updated

Source: SBS


Skip to article content

ගිනිකොනදිග මෙල්බර්න් හි Sandhurst ප්‍රදේශයේ වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවකට ඇයගේ නිවසේදීම පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

44 වන වියෙහි පසුවූ නෙලෝමි පෙරේරා නැමති එම කාන්තාව සිය ශ්‍රී ලාංකික සැමියාවූ දිනුෂ් කුරේරාගෙන් වෙන්ව තම දරුවන් තිදෙනා සමග අදාළ නිවසේ ජීවත්වෙමින් සිටි බවට වාර්තා වේ. 

ඛේදනීය සිදුවීම

මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ මිය ගිය නෙලෝමිගෙන් වෙන්වී සිටි ඇයගේ සැමියා දිනුෂ් බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇත.

පිහි ඇනුම සිදුකළ 45 වන වියෙහි පසුවන දිනුෂ් හට මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති බව පොලීසිය පවසයි..

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම ඛේදනීය සිද්ධිය ඔවුන්ගේ නව යොවුන් වියේ දරුවන් විසින් දැක ඇති බව පැවසේ.

මියගිය කාන්තාවගේ දියණිය උපකාර සඳහා අසල්වැසියන් වෙත දිව ගිය නමුත් ඇගේ මව බේරා ගැනීමට නොහැකි විය.

අසල්වැසියෙකුගේ නිවෙසකට ගොස් දියණිය උපකාර ඉල්ලන අයුරු CCTV දර්ශනවලින් අනාවරණය වී තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

දිනුෂ් සිය නව යොවුන් වියෙහි පසුවන පුත්‍රයාට ද පහර දී ඇති බව වාර්තා වේ.

පහර කෑමෙන් එම දරුවාට ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයේ හිසට තුවාල සිදුවී ඇති අතර ඔහුව රෝහල් ගත කළ බවත් පසුව ප්‍රතිකාර කර රෝහලෙන් පිටත් කර ඇති බවත් වාර්තා වේ.

අදාළ නිවස තුළ මෙම බිහිසුණු ඛේදනීය සිදුවීම සිදුව ඇත්තේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට සුළු වේලාවකට පෙර බව සඳහන්.

තම සැමියාගෙන් වෙන්වී ගත කිරීම නිසා මිය ගිය නෙලෝමි සිය නිවසේ දොර අගුල් ද වෙනස් කළ බව ඇයගේ අසල්වැසියෝ පැවසුහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now