SKIP TO MAIN CONTENT

කලහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු හේතුවෙන් මැලේසියානු ගුවන් යානයක් මෙල්බන් ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වයි.

Plane Highjack
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඊයේ රාත්‍රියේ (31/05) මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය බලා පිටත්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නැවත මෙල්බන් ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ.

යානයේ ගමන් කළ මගියෙකු තමන් සතුව පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට බිය ගන්වමින් තමාට ගුවන් නියමු කුටියට ඇතුල් වීමට අවශ්‍ය පවසමින් කලබල කිරීමත් සමග ගුවන් යානය තුළ උණුසුම් සහගත තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ සමග ක්‍රියාත්මක වූ ගුවන් යාන කාර්ය මණ්ඩලය සහ මගීන් කිහිප දෙනෙකු ඔහුව ග්‍රහණයට නතු කරගනිමින් දමනය කරගැනීමට සමත් වූ බව වාර්තා වේ.

ඒ අතර වාරයේ ගුවන් යානයේ නියමුවා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගුවන් යානය නැවතත් මෙල්බන් ගුවන් තොටුපොල වෙත හරවා ඇත.

කෙසේවෙතත්, යානය මෙල්බන් ගුවන් තොටුපොල වෙත ගොඩබැස්ස වීමත් සමග වික්ටෝරියානු පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

25 වන වියෙහි පසුවන එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බව මැලේසියානු  බලධාරීන් තහවුරු කර තිබේ.

කෙසේවෙතත්, මෙම  ක්‍රියාව ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොවන බව වික්ටෝරියානු පොලීසිය විසින් පවසා තිබේ.

මීට අමතරව එම පුද්ගලයා සතුව පුපුරණ ද්‍රව්‍ය නොතිබුණු බවත් ඔහු පොලීසිය විසින් සොයන පුද්ගලයෙකු බවත් පොලිස් පරීක්ෂක  Tony Langdon මාධ්‍ය වෙත දන්වා තිබේ.

සිද්ධිය පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය මෙන්ම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ද පරීක්ෂණ පවත්වමින් සිටින අතර මෙල්බන් ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now