SKIP TO MAIN CONTENT

අගමැති රනිල් අද ඉල්ලා අස්වෙයි.

Ranil Wickramasinghe
Ranil Wickramasinghe - President of Sri Lanka Source: AFP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමට නියමිත බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් SBS සිංහල සේවයට දැනගැනීමට ලැබේ.

අද (20 Nov) සවස පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ධුරයෙන් ඉවත්වනු ඇතැයි සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද විසිරී යනු ඇත. ඒ අනුව භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් සඳහා පසුබිම සැකසීමට අගමැතිවරයාගේ මෙම ඉල්ලා අස්වීම හේතුවනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය පරිදි නව අග්‍රාමාත්‍යවරයකු පත්කර අලුත් කැබිනට් මණ්ඩලයක් යටතේ මහමැතිවරණ තෙක් භාරකාර රජයක් පත්කරගැනීමට ඉඩ සැලසීම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ අරමුණ බව එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීත් විකල්පයක් ලෙස භාරකාර රජයක් සඳහා පසුබිම සැකසීමේ එකඟත්වයකට එළඹී ඇත.

මේ අතර නව භාරකාර රජයේ අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතය. ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම ද මේ වන විට යෝජනා වී ඇත.

නව ජනාධිපති ගොටභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව භාරකාර රජය සඳහා ඇමැතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්ද පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

.
. Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now