ශ්‍රී ලාංකික ගුරුවරියක් මෙවර Magsaysay සම්මානයට පාත්‍ර වේ.

Gethsie Shanmugam among 2017 Magsaysay award winners

Source: Sunday Times Sri Lanka

මෙවර Ramon Magsaysay සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක්ද තේරී පත්ව ඇත බව The Hindu පුවත්පත වාර්තා කරයි.

82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය  ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.

ගෙත්සි ෂන්මුගම් ඇතුළු මෙවර ජයග්‍රාහකයින් සය දෙනාගේ නම් ඊයේ (27/07) දිනයේදේ ප්‍රකාශයට පත් කර ඇත.

Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයෙකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළම ගෞරව සම්මානය ලෙසද සඳහන්.

මෙවර Magsaysay සම්මාන ලාභීන් හට සම්මාන ප්‍රදානය කිරීම එළඹෙන අගෝස්තු 31 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී සිදු කිරීමට නියමිතය.

ගෙත්සි ෂන්මුගම් මහත්මියට පෙර Magsaysay සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයාණන් ලෙස විරුදාවලිය ලත් ආචර්ය පණ්ඩිත අමරදේවයන්ය.

1957 වසරේදී ගුවන් අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපති Ramon Magsaysay අනුස්මරණය කිරීම නිමිත්තෙන් මෙම Ramon Magsaysay සම්මාන උළෙල පැවැත්වේ.

ෂන්මුගම් මහත්මියට අමතරව මෙවර සම්මාන ලාභීන් අතරට ජපානයේ ඉතිහාසඥයෙකු වන Yoshiaki Ishizawa, ඉන්දුනීසියාවේ ආදී වාසි ජනයා වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ Abdon Nababan, සිංගප්පුරු ව්‍යාපාරිකයෙකු වන Tony Tay, පිලිපීනයේ නීතිඥ Lilia de Lima සහ පිලිපීනයේ Educational Theater Association ආයතනය එක්ව තිබේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: The Hindu



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now