ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පලමු දිනයේදීම බර ඉසිලීමේ තරග ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර දෙන්නට චතුරංග ලක්මාල් සමත් විය. ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද උදැසන පැවති පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ තරග ඉසව්වෙන් තුන් වැනි ස්ථානය හිමි කරගත් චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම හිමි කරගත් අතර, එම ඉසව්වේ රන් පදක්කම මැලේසියානු ක්‍රීඩක IZHAR AHMAD විසින් හිමි කරගන්නට සමත් විය. රිදී පදක්කම හිමි කරගත්තේ ඉන්දීය ක්‍රීඩක GURURAJA විසින්.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට පදක්කමක් (SBS සිංහල / වාර්තා )

1 min read
Published
Updated
By Sanjaya Dissanayake
Skip to article content
Share this with family and friends
Share
