ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණීමට තැත් කළ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් වාර්තාවක් තබයි (SBS සිංහල/ වාර්තා)

2022 ජුනි 01 සිට 2022 ජුනි 30 අතර කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පහත කරුණු විශේෂයෙන් අවධාරණය කළේය.

Sri Lankans set a record among unauthorised maritime arrivals to Australia

Sri Lankans set a record among unauthorised maritime arrivals to Australia Source: AAP

Key Points

  • 2022 ජුනි 01 සිට 2022 ජුනි 30 අතර කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට සුරක්ෂිතව පිටත් කර ඇත.
  • යාත්‍රා 4 කින් පැමිණි මෙම පිරිසට එම යාත්‍රාවල කාර්ය මණ්ඩලයද ඇතුළත් වූ බව සඳහන්.
  • ශ්‍රී ලංකා රජයේ සහයෝගයද මේ සඳහා ලැබී තිබේ.

පසුගිය ජුනි මාසයේ පමණක් ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට සුරක්ෂිතව පිටත් කළ බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.

2022 ජුනි 01 සිට 2022 ජුනි 30 අතර කාල සීමාව තුළ, ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සහ දරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාත්‍රා 4 කින් පැමිණි මෙම පිරිසට එම යාත්‍රාවල කාර්ය මණ්ඩලයද ඇතුළත් වූ බවත් ශ්‍රී ලංකා රජයේ සහයෝගය සමග ඔවුන් සියලු දෙනා යළි ශ්‍රී ලංකාවට සුරක්ෂිතව පිටත් කිරීමට කටයුතු කළ බවත් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පවසයි.

Australian Border Force
Credit: ABF

විශේෂයෙන් අවධාරණය කළ කරුණු

2022 ජුනි 01 සිට 2022 ජුනි 30 අතර කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පහත කරුණු විශේෂයෙන් අවධාරණය කළේය.

  • ඉහත කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණීමට තැත් කළ කිසිදු පුද්ගලයෙකු වෙනත් රටක පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කර නොමැත;
  • ඔස්ට්‍රේලියාවෙන් පිටත සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන පිහිටි රටකින් ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණි කිසිදු පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් තම උපන් රටට ආපසු ගියේ නැත;
  • වෛද්‍ය අරමුණු සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන පිහිටි රටකින් ඔස්ට්‍රේලියාවට මාරු කරන ලද ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණි කිසිදු පුද්ගලයෙකු හෝ පවුලේ සාමාජිකයෙකු නොමැත;

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණි පුද්ගලයින් 5ක් ඔස්ට්‍රේලියාවෙන් ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ උපන් රටට ඉවත් කරන ලද අතර වෙනත් කිසිදු අයෙකු ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ඕස්ට්‍රේලියාවෙන් ඔවුන්ගේ උපන් රටට ඉවත් කර නොමැත.

 

 

ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන

Papua New Guinea හි පිහිටි ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු 2021 දෙසැම්බර් 21 අවසන් කෙරිණි.

ඒ වන විට එහි ඉතරි වී සිටි පුද්ගලයින්ගේ කටයුතුවල පූර්ණ කළමනාකරණය සහ විධිවිධාන Papua New Guinea රජයට 2022 ජනවාරි 01 සිට පැවරිණි.

ඔස්ට්‍රේලියාව දැන් Nauru දූපතේ පමණක් regional processing හෙවත් ඔස්ට්‍රේලියාවට අනවසර අයුරින් පැමිණි පුද්ගලයින්ගේ කටයුතු සම්බන්ධ සැකසුම් හා විධිවිධාන සඳහා සහය දක්වයි.

Nauru හි ප්‍රාදේශීය සැකසුම් විධිවිධාන යටතේ අදාළ පුද්ගලයන් රැඳවුම් භාරයේ නැත.

සියලුම පුද්ගලයින් ප්‍රජා නවාතැන්පොළවල පදිංචිව සිටින අතර, ඔවුන්ගේ ගමනාගමනයට කිසිදු සීමාවක් නොමැත.

ඔවුන්ගේ protection claims හෙවත් ආරක්ෂණ හිමිකම් සැකසීම Nauru රජයට අයත් වගකීමකි.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now