SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් වේ

Sri Lanka’s biggest International Cricket stadium to be constructed in Homagama
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය ඊයේ (17/05) නිවේදනය කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන  සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු යන මහත්වරුන් ඊයේ දිනයේ දී අදාළ ක්‍රිඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමිය පරීක්ෂා කිරීමේ චාරිකාවක නිරත විය.

මෙම ක්‍රීඩාංගනය සඳහා අක්කර 26 ක භූමියක් වෙන් කර ඇති අතර දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි පරිදි මෙය  නිර්මාණය කිරීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී පැවසීය.

නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සහිතව ඉදි කිරීම් ආරම්භ වන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දෙවැනි ඉදිකිරීම් අදියරේදී තවත් ආසන 20,000 ක් එක් කොට මුළු ආසන 60,000 ක් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now