ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන TM ඩිල්ෂාන් (SBS සිංහල /වාර්තා)

තම අවසන් එක් දින තරගයට සහභාගී වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩිල්ෂාන් සදහන් කලේ, තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම සදහා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කල බවයි.

Sri Lanka's Tillakaratne Dilshan acknowledges the crowd as he leaves the pitch after playing his final innings of his one day international

Sri Lanka's Tillakaratne Dilshan acknowledges the crowd as he leaves the pitch after playing his final innings of his one day international (ODI) Source: AP Photo/Eranga Jayawardena

මේ දිනවල ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා  එක දින තරගාවලියේ නිමාවට පත් තුන්වැනි එක දින තරගය, තම අවසන් එක්  දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් සුපිරි ක්‍රීඩක TM ඩිල්ෂාන්  පසුගියදා නිවේදනය කළේය. දැනට 39 හැවිරිදි වියේ පසුවන ඩිල්ෂාන්  එක දින තරග 330කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 10290ක්. තම අවසන් එක දින තරගය වූ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක දින තරගයේදී ලකුණු 42ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුනේ Zampa එවූ පන්දුවකට Bailey අතට උඩ  පන්දුවක් ලබාදීමෙන්. ලොව එක දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් රැස්  කර ඇති ක්‍රීඩකයින් අතර 11 වැනි තැන TM ඩිල්ෂාන්ට  හිමිවීමද කැපී පෙනෙන සිදුවීමක්. තවද ලොව එක දින ජාත්‍යන්තර ලකුණු 10,000 ක් ලබාගත් සහ එක දින කඩුලු  100ක් ලබාගත් ක්‍රීඩකයින් 5 දෙනා අතරටද ඩිල්ෂාන් එක වීමද ඔහුගේ එක දින ක්‍රිකට් දිවියේ වැදගත් වාර්තාවක්.

 

39 හැවිරිදි වියේ පසු වුවත්, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් අතරින් ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතා අතරින් ඩිල්ෂාන් තවමත් පෙරමුණේ සිටින නිසා තවත් කාලයක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම තුල රැදී සිටිය යුතු බව සමහරක් විචාරකයින්ගේ මතය වී තිබේ. 2019 ක්‍රිකට් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කල යුතු බැවින්, ඩිල්ෂාන්  හට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් දැඩි පීඩනයක් එල්ල වූ බව සමහරක් මාධ්‍ය වාර්තා සදහන් කර තිබිණි. තම අවසන් එක්  දින තරගයට සහභාගී වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩිල්ෂාන්  සදහන් කලේ, තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම සදහා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කල බවයි. දැනට ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සහ එක දින ජාත්‍යන්තර පිටියෙන්  විශ්‍රාම ගෙන සිටින ඩිල්ෂාන්, එළඹෙන සැප්තැම්බර් 9 දා  පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා  20-20 තරගයෙන් අනතුරුව 20-20 ජාත්‍යන්තර පිටියෙන්ද සමුගැනීමට නියමිතයි.

Sri Lanka's Tillakaratne Dilshan plays a shot against Australia as Matthew Wade watches during their third one day international cricket match in Dambulla, Sri Lanka, Sunday, Aug. 28, 2016. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Tillakaratne Dilshan plays a shot against Australia as Matthew Wade watches during their third one day international cricket match in Dambulla Source: AP Photo/Eranga Jayawardena

20-20 ජාත්‍යන්තර පිටිය තුලද කැපී පෙනෙන දස්කම් දක්වා ඇති ඩිල්ෂාන්, 20-20 තරග 78කදී ලකුණු 1884ක් රැස්කරගන්නට  සමත් වී තිබේ. 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දෙවැනි වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවට හිමි කම් කියන්නේ TM ඩිල්ෂාන් වන අතර, ඔහු දෙවැනි වන්නේ ලකුණු 2140ක් හිමි නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ට පමණි. 

 

තාක්ෂණයෙන් අග තැන්පත් පිති කරුවෙක් වූ ඩිල්ෂාන්ටම  අවේනික වූ "Dilscoop" මේ වන විට නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ප්‍රචලිත පහරක් බව පත්ව තිබේ. පිතිකරුවෙක්, පන්දු යවන්නෙක්, කඩුලු  රකින්නෙක් ලෙස සහ ජවසම්පන්න පන්දු රකින්නෙක් ලෙස ඩිල්ෂාන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් කල ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

 

කළුතර විද්‍යාලයෙන් තම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කල TM ඩිල්ෂාන්, 1999 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගැනීමෙන් අනතුරුව, 2010 වසරේ මැයි  මාසයේ සිට 2012 වසරේ ජනවාරි දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේය. බොහෝ තරුණ නවක ක්‍රීඩකයින් 20-20 තරග වලට වැඩි නැඹූරු තාවයක් දක්වන බවත් නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමුකොට අනතුරුව එක්  දින සහ 20-20 තරගවලට අවධානය යොමුකිරීමේ වැදගත් බව තම අවසන් එක දින තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ TM  ඩිල්ෂාන් ප්‍රකාශ කළේය.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now