ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකර, ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් සපයන්නට පවතින “13 අ” වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට යෝජිත තත්වයක් නව ව්‍යවස්ථාවේ තිබිය හැකි බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට සිංහල ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද කැමැත්තක් නොදක්වන අතර එසේ වුවහොත් දමිළ ජනතාව පාලනය කරනු ලබන එම පළාතේ ඔවුන් ට සදාකාලිකවම සුළු ජාතීන් ලෙස වාසය කිරීමට සිදුවෙතැයි බියක් පැවතීමය. මීට අමතරව 13 අ ව්‍යවස්ථාවට අනුව සිංහල හා මුස්ලිම් ජනතාව තුනෙන් දෙකක් ජීවත් වන නැගෙනහිර පළාත එසේ උතුරු පළාතට ඒකාබද්ධ කිරීම තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුවේ.
ඒ අනුව 13 අ ව්‍යවස්ථාවෙන් යෝජිත දෙමළ භාෂාව කතා කරන එක් පළාතක් ලෙස උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීමට ව්‍යවස්ථාදායක සභාව යෝජනා නොකරනු ඇත.
මෙයට හිලව් වශයෙන්, ජාතික මට්ටමින් බලය බෙදීමේ අසමනතාවක් පවතිනවායැයි කියන දමිළ සහ අනෙක් සුළු ජන කොටස් නියෝජනය කරන දෙවන සභාවක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ව්‍යවස්ථාදායක සභාව යෝජනා කිරීමට හැකි බව මනෝ ගනේෂන් මහතා පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව මගින් එළිදක්වන දේවල් සියලු දමිළ ජනතාව බාරගත යුතු බවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒවා ස්ථාපනය කිරීමට පරිශ්‍රමයක් දැරිය යුතු බවත් ඉන්දියානු සම්භවයක් ඇති දමිළ ජාතිකයන් නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යෝජනා කෙරීය.
අවස්ථාවන් මග හැරීම් සහ කඩවුණු පොරොන්දු
මීට පෙර සිදු කළා මෙන් මෙවර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ අවස්ථාව දමිළ ජාතිකයන් මග හරවා නොගත යුතු බව ගනේෂන් මහතා සඳහන් කෙරීය.
නූතන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දමිළ ජාතිකයන් විසින් අවස්ථා මග හරවා ගැනීම් මෙන්ම සිංහල ජාතිකයන් විසින් පොරොන්දු කඩ කිරීම් දක්නට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුම සහ කොටි සංවිධානය ඉන්දියාව සමග යුද්ධයකට යෑම යන හේතු මත 13 අ ව්‍යවස්ථාව දමිළ ජනයා ප්‍රතික්ෂේප කළ බව ඔහු තව දුරටත් පැවසීය. හිටපු ජනාධිපති ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරණතුංග සමග සාකච්ඡා බිඳ වැටුණු පසු නැවත යුද්ධය ආරම්භ විය. චන්ද්‍රිකා ජනපතිනිය ෆෙඩරල් ක්‍රමයට සමාන වූ කාලප වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ ලිබරල් ව්‍යවස්ථාවක් නොබියව යෝජනා කළාය.
ඊටපසු 2002 වසරේදී ඔස්ලෝ ප්‍රකාශනය පැමිණි අතර එහිදී ෆෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානයේ නියෝජිත ඇන්ටන් බාලසිංහම් අතර එකඟත්වයක් ඇති කරගත් නමුත් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් එය ප්‍රතික්ෂේප කළේය.
වර්තමාන උත්සාහය
2015 වසරෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ පාලනය තුළ මෙම ජනවාර්ගික අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ගෙන එමින් බලය විමධ්‍යගත කර ජාතීන් අතර සමගිය ඇති කිරීමට පොරොන්දු විය.
ව්‍යවස්ථාදායක සභාවේ විවිධ අනු කමිටු ඔවුන්ගේ වාර්තා ව්‍යවස්ථාදායක සභාව වෙත බාර දී ඇති අතර පාලක කමිටුවක් හරහා පාර්ලිමේන්තුවේ සිටින සියලු නායකයින් සමග මෙම යෝජනා සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ විවාදය සහ ඡන්දය ලබන වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මෙම කමිටුවේ සාමජිකයකකු වන මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
භාෂා ප්‍රශ්නයේ වැදගත්කම
දෙමළ පළාතක් සඳහා බලය විමධ්‍යගත කිරීම අනුමත කිරීම දමිළ සහ සිංහල ජාතීන්ගේ ප්‍රධාන අර්බුදයක් බවත් ජනවාර්ගික සමගිය භාෂා ප්‍රතිපත්තිය වැනි අනෙක් වැදගත් ගැටළු සඳහාද බලපාන බවත් ගනේෂන් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණ වූ දමිළ ජනතාව සිංහල භාෂාව නිසා රාජ්‍ය අංශය සමග සන්නිවේදනය කිරීමේදී ගැටළු වලට මුහුණ දෙයි.
මේ තත්ත්වය නිසා රාජ්‍ය ආයතන ද්වි භාෂා කිරීමට තමන් හට යෝජනා ලැබී ඇතැයිද ගනේෂන් මහතා පැවසීය.
වෘත්තියමය භාෂා පරිවර්තකයින් සෑම පළාතකම යෙදවීම එක් යෝජනවක් බවත් ඒ අනුව ලේඛන හා පෝරම පිරවීම මෙන්ම සන්නිවේදන කටයුතු ද දමිළ භාෂාවෙන් සිදු කිරීමට හැකි වනු ඇත.
රටෙහි පරිපාලන උප අංශ 320න් 72ක් ද්වි භාෂා ඒකක ලෙස හදුනාගෙන ඒවා හට ද්වි භාෂා නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය පත් කිරීම දෙවන යෝජනාව වේ.
සෑම දෙනෙකුටම දමිළ භාෂාව ඉගෙන ගන්න කියනවාට වඩා ද්වි භාෂා උගත් භාෂා පරිවර්තකයන් යෙදවීම හොඳ බව ඔහු පවසයි. මෙම භාෂා ප්‍රශ්නය විසදුනහොත් ජනවාර්ගික ගැටලුවෙන් 51% පමණ විසඳෙනු ඇතැයි තමන් ජනාධිපති තුමා හටද පැවසු බව මනෝ ගනේෂන් මහතා පැවසීය.

