SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවරදී සාර්ථකව නිම වෙයි.

Sri Lanka’s first heart transplant in Kandy Hospital
Source: India Today

1 min read

Published

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලාංකේය ශල්‍ය වෛද්‍ය විද්‍යා ඉතිහාසයට නව වාර්තාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකොට තිබේ.

පැය 08 කට ආසන්න කාලයක්‌ පුරා මහනුවර, පේරාදෙණිය, අනුරාධපුර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ වැලිසර ලය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ විසින් මෙම සැත්කම සිදු කර ඇත.

හදිසි රිය අනතුරකට ලක්‌ව ස්‌නායු ශල්‍ය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මොළය මිය ගිය බවට තහවුරු වූ 24 හැවිරිදි තරුණයකුගේ හදවතක්‌ වයස අවුරුදු 34 කාන්තාවකට බද්ධ කිරීම මෙම ශල්‍යකර්මය මගින් සිදුකොට ඇත.

හෘදය අකර්මණ්‍යව සිට පසුගිය 07 වැනි සිකුරාදා හදවත බද්ධ කළ කාන්තාව මේ වන විට මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now