ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවරදී සාර්ථකව නිම වෙයි.

Sri Lanka’s first heart transplant in Kandy Hospital

Source: India Today

ශ්‍රී ලාංකේය ශල්‍ය වෛද්‍ය විද්‍යා ඉතිහාසයට නව වාර්තාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකොට තිබේ.

පැය 08 කට ආසන්න කාලයක්‌ පුරා මහනුවර, පේරාදෙණිය, අනුරාධපුර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ වැලිසර ලය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ විසින් මෙම සැත්කම සිදු කර ඇත.

හදිසි රිය අනතුරකට ලක්‌ව ස්‌නායු ශල්‍ය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මොළය මිය ගිය බවට තහවුරු වූ 24 හැවිරිදි තරුණයකුගේ හදවතක්‌ වයස අවුරුදු 34 කාන්තාවකට බද්ධ කිරීම මෙම ශල්‍යකර්මය මගින් සිදුකොට ඇත.

හෘදය අකර්මණ්‍යව සිට පසුගිය 07 වැනි සිකුරාදා හදවත බද්ධ කළ කාන්තාව මේ වන විට මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


Share

1 min read

Published

Source: Daily Mirror




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service