SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට තීරණය කරයි

Sri Lanka General election
Source: Facebook

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය ජුනි මස 20 වනදින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ තීරණය කළේය.

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ඊයේ (20/04) සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සඳහන්.

මහ මැතිවරණය, 2020 ජුනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරිණි.

SLC Election 20 June Gazzette
Source: Supplied

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now