SKIP TO MAIN CONTENT

ගෝටාගේ අස්වීමේ ලිපිය බාර දුන්නත් කතා නායකගේ නිල නිවේදනයට තවත් කල් ගනී

Sri Lankan presidential candidate and former defense chief Gotabaya Rajapaksa attends a news conference in Colombo, Sri Lanka, Tuesday, Oct. 15, 2019
Sri Lankan president and former defense chief Gotabaya Rajapaksa Source: AAP Image/AP Photo/Eranga Jayawardena

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sri Lankan Media


Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (ජූලි 14) රාත්‍රීයේ එවූ බව කතා නායකවරයා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය කතා නායකවරයාට එවූ බව ඔහු සඳහන් කළේය.

එම ලිපියේ නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් අද දිනය (ජූලි 15) ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව කතා නායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ ද ආරක්ෂකයන් දෙදෙනකු ද සමග ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගිය ජූලි 12 වෙනිදා මාලදිවයිනට පිටව ගිය අතර ඊයේ දිනයේදී මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අදාල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය තීරණ ගැනෙනු ඇතැයිද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now