ශ්‍රී ලංකාවට කොදෙව්වන් හමුවේ කඩුලු 7ක දැවැන්ත පරාජයක්

මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල දක්ෂතා සහ දුර්වල පන්දු රැකීම පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

West Indies bowler Samuel Badree (L) celebrates the wicket of Sri Lankan batsman Milinda Siriwardana (R) with wicketkeeper Denesh Ramdin

West Indies bowler Samuel Badree (L) celebrates the wicket of Sri Lankan batsman Milinda Siriwardana (R) with wicketkeeper Denesh Ramdin Source: Getty Images

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය ඊයේ ඉන්දියාවේ බැංගලෝර් හි M චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී පැවතී අතර පන්දු 10ක් ඉතිරිව තිබියදී එම තරගයෙන් කඩුලු  7ක ජයක් හිමි කරගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය  ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර, එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වාර්තා කල හැකිවුයේ ලකුණු 122ක් පමණි.

කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවීමේදී Samuel Badree ලකුණු 12කට කඩුලු  3ක් දව ගන්නට සමත් විය.

"අපේ පන්දු යවන්නන් අද හොදින් පන්දු යැව්වා. එත් පන්දු රැකීමේදී සහ පන්දුවට පහරදීමේදී අපි දුර්වල උනා"

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. එමෙන්ම මත භේදාත්මක  TM ඩිල්ෂාන්ගේ දැවී යාමද ශ්‍රී ලංකා පරාජයට හේතු වූ බව ඔහු මාධ්‍ය හමුවේ සදහන් කළේය. තවද තමන් ඇතුළු කණඩායම පළමු කඩුලු  දෙක දැවී යාමෙන් අනතුරුව ලකුණු 150ක් වැනි ඉලක්කයකට යෑමට  සැලසුම් කලත් එය අසාර්ථක වූ බව ඇන්ජලෝ මාධ්‍ය හමුවේ සදහන් කළේය.

ශ්‍රී ලංකා ඉනිම තුල ඊයේ තරගයේ වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමණය තිසර පෙරේරා වාර්තා කල අතර, ඔහු ලකුණු 40 කින් ශ්‍රී ලංකා ඉනිමට දායකත්වය ලබා දුන්නේය. පන්දු 29කදී  හතරේ පහර 5ක් සහ එක්  හයේ පහරක් සමගින් ඔහු එම ලකුණු ප්‍රමාණය වාර්තා කළේය. තිසර පෙරේරා ඊයේ තරගයේදී හුදකලා සටනක නිරත වූ අතර 9 වැනි කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත් වුනේ බ්‍රාවෝ යැවූ පන්දුවකට රසල් අතට උඩ  පන්දුවක් ලබාදීමෙන්.

 අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල කොදෙව් පිති කරුවන් පන්දු 10ක් ඉතිරිව තිබියදී කදුළු තුනක් පමනක් දැවී ලකුණු 127ක් වාර්තා කරමින් තරගයෙන් කදුළු 7ක ජයක් හිමි කරගන්නට සමත් විය. පන්දු රැකීමේදී කලවයේ අබාධයකට ලක්වූ ක්‍රිස් ගේල්  ඊයේ තරගයේදී පන්දුවට පහරදීමට පැමිණියේ නැති අතර, ක්‍රිස් ගේල් හට සහාය  දැක්වීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඊයේ චින්නස්වාමි ක්‍රීඩාංගනයට පැමිණ සිටි බව වාර්තා වෙයි. මෙහිදී කොදෙව් ඉනිම ආරම්භ කල Andre Fletcher නොදැවී ලකුණු 84ක් වාර්තා කල අතර ඔහු තරගයේ වීරයා  ලෙසද සම්මාන හිමි කරගත්තේය. පන්දු 64කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් තම ලකුණු 64 වාර්තා කල Fletcher තම ජාත්‍යන්තර 20-20 තරග දිවිය තුල වාර්තා කල වැඩිම ලකුණු ප්‍රමාණය මෙය බව සදහන්.

West Indies batsmen Andre Fletcher (R) gestures after winning the match
West Indies batsmen Andre Fletcher (R) gestures after winning the match with 84 not out during the World T20 World cup match Source: Getty Images

පළමු කාණ්ඩයේ ලකුණු සටහන

මේ වනවිට තරගාවලියේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඔවුන් තරග 2කට සහබාගි වී 2කම ජයගෙන ඇති අතර ශ්‍රී ලංකා තරග 2කට සහභාගී වී එක තරගයක් ජය ගෙන එක තරගයක් පරාජය පත් වී ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

 ශ්‍රී ලංකාවේ මීලග තරගය

 ශ්‍රී ලංකාව තරගාවලිය තුල මුහුණ දෙන මීළඟ තරගය එංගලන්තය සමගින් එළබෙන 26 වන සෙනසුරාදා නවදිල්ලි හිදී පවත් වීමට නියමිතයි

 අද තරග බිමට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද ඕස්ට්‍රේලියාව  සහ බංග්ලාදේශය බැංගලෝර් හි M චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී  තරග වැදීමට නියමිතයි.

 හෙට තරග බිමට

 හෙට දිනයේදී මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පකිස්ථානය සහ නවසීලන්තය මොහාලි හිදී තරග වැදීමට නියමිතයි.


3 min read

Published

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now