SKIP TO MAIN CONTENT

ගුවනේදී ඇතිවූ ගින්න ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යය මණ්ඩලය සාර්ථකව වළකයි.

SriLankan crew members avert major incident on board.
Source: SriLankan Airline

2 min read

Published

Source: Daily Mirror



Skip to article content

ගුවන් ගතවෙමින් තිබියදී සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට U 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඉකුත් ඉරිදා (30/07) සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ අදාළ ගුවන් යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් හදිසියේ ගිනි ගත් අතර  ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය ඉක්මනින් සමතයකට පත් කිරීමට සමත් වී ඇත.

ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

ඒ වන විටත් යානයේ ගුවන් මගීන් 202ක් සිටි බව වාර්තා වන අතර අදාළ අනතුරින්  කිසිවකුට අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව වාර්තා වේ.

මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර  යානයේ කුටි කළමනාකරු සහ කපිතාන්  ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now