ලොව ප්‍රමුඛ පෙළේ වාණිජ මට්ටමේ 20-20 තරගාවලිය ලෙස හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ 2108 - 2022 කාල වකවානුව උදෙසා රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය හිමිකර ගැනීමට STAR India පුද්ගලික සමාගම ඊයේ (04/09) සමත්විය.
මේ සඳහා ඔවුන් ඉදිරිපත් කර තිබු ලන්සුව ඉන්දීය රුපියල් කෝටි 16,347.5 කි.
මෙම වෙන්දේසිය සඳහා රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යයේ ලොව දැවැන්ත සමාගම් 24 ක් ලන්සු තැබූ අතර Facebook, Amazon, Twitter, Yahoo, Reliance Jio, STAR India, Sony Pictures, Discovery, Sky, British Telecom සහ ESPN Digital Media ඒ අතර වීම විශේෂත්වයකි.
2009 වසරේ දී IPL රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය Sony සමාගම විසින් හිමිකර ගෙන තිබුණු අතර වසර 10 ක ගිවිසුම් කාලය මෙම වසරේ දී අවසන් විය.
එහිදී Sony සමාගම රූපවාහිනි විකාශන අයිතිය ඩොලර් බිලියන 1.63 ක මුදලකට ලබාගෙන තිබුණි.
2015 – 17 දක්වා කාලය තුළ IPL ඩිජිටල් විකාශන අයිතිය Star India සතුව පැවති අතර එහිදී වසර 3 ක කාලයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 303 ක් ඔවුන් විසින් ගෙවා තිබුණි.
STAR India පුද්ගලික සමාගම, චිත්‍රපට සහ රූපවාහිනී ලෝකයේ දැවැන්ත සමාගමක් වන 21st Century Fox සමාගමට අයත් සමාගමක් වන අතර පෙරාතුව එය STAR TV India ලෙස හැඳින්විණි.

