Latest

තවත් අලුත් කොවිඩ් රැල්ලක් ඇතිකළ හැකි XBB සහ BQ.1 COVID ප්‍රභේද ගැන ඔබ දන්නේ මොනවාද?

XBB සහ BQ.1 ප්‍රභේද සති තුනකින් ප්‍රථම වතාවට නව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පිටුපස ඇති බව උපකල්පිත සාක්ෂි යෝජනා කරන බැවින් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රභේද පිළිබඳ අවදියෙන් සිටී.

NSW CORONAVIRUS COVID19

Healthcare workers administer COVID-19 PCR tests at the St Vincent’s Drive-through Clinic at Bondi Beach in Sydney. (file) Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි ඔක්තෝබර් 28න් අවසන් වූ සතිය සඳහා නව සතිපතා COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළේය.

ටස්මේනියා ප්‍රාන්තය ඒ අතරින් ඉහළම වැඩිවීම වාර්තා කළ අතර එය 30% කි

එයට පසුව Australian Capital Territory 26.25%, වික්ටෝරියා ප්‍රාන්තය 24.4%, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 18%, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 13% සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 10% ක වැඩිවීමක් වාර්තා කර තිබේ.
XBB සහ BQ.1 ප්‍රභේද ආසාදනය වීම් දැන් ප්‍රාන්තයේ මුළු රෝගීන්ගෙන් 10% ක් පමණ වන අතර ප්‍රමුඛ BA.5 උප ප්‍රභේදය අභිබවා යා හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පැවසුවේය.

මෙම දර්ශක මගින් අප තවත් COVID-19 රැල්ලක ආරම්භයේ සිටින අයුරු පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

අතීත ආසාදන වැළදී හටගත් (BA.5 ඇතුළුව) ප්‍රතිශක්තියෙන් ගැලවීමට ඇති හැකියාව සහ පසුගිය එන්නත් වලින් ප්‍රතිශක්තිය හීන වීම හේතුවෙන් මෙම ප්‍රභේදයන් සැලකිය යුතු ආසාදිතයින් සංඛ්‍යාවක් ඇති කරන බව සහ රෝහල්ගත වීමේ ප්‍රමාණය ඉහළ දමන බවද ඔහු පැවසීය.

මේ අතර නව ප්‍රභේදවල වර්ධන හැකියාව තක්සේරු කිරීම සඳහා XBB සහ BQ.1 සහ අනෙකුත් ජාත්‍යන්තර සහ දේශීය දත්ත ද සමීපව නිරීක්ෂණය කරන බව NSW Health පැවසීය.

XBB සහ BQ.1 උප ප්‍රභේද යනු මොනවාද?

XBB යනු BA.2.10.1 සහ BA.2.75 sublineages වල ප්‍රතිසංයෝජනයකි.

එය ගෝලීය වශයෙන් 1.3% ක ව්‍යාප්තියක් ඇති අතර මේ වන විට රටවල් 35කින් හඳුනාගෙන ඇත.

BQ.1 යනු 6% ක ගෝලීය ව්‍යාප්තියක් සහිත BA.5 උප ප්‍රභේදයකි.

එය මේ වන විට රටවල් 65කින් හඳුනාගෙන ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

බරපතලකම

මෙම උප ප්‍රභේද වඩාත් දරුණු රෝග ඇති කරන ආකාරයක් පෙනෙන බව වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය Catherine Bennett පැවසුවාය.

නමුත් ඒවා අනෙකුත් Omicron උප ප්‍රභේදවලට වඩා ප්‍රතිශක්තිකරණයෙන් ගැලවීමේ ලක්ෂණ ඇති තරමට වෙනස් වීම කනස්සල්ලට කරුණක් බව මහාචාර්ය Bennett, SBS වෙත ප්‍රකාශ කළාය.

වෙනත් Omicron ප්‍රභේදයක් සමඟ මෑත කාලීන ආසාදනයක් ඇතිවූ අයෙකුට නැවත ආසාදනයට එරෙහිව එකම මට්ටමේ ආරක්ෂාවක් ලබා නොදෙන බව මින් අදහස් වන බව ඇය සඳහන් කළාය.

XBB සහ BQ.1 නව ප්‍රභේද ලෙස සැලකීමට අනෙකුත් Omicron පරම්පරාවන්ට වඩා ඒවා සැලකිය යුතු වෙනස්කම් නොදක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරයි.

වත්මන් දත්ත XBB ආසාදන සඳහා රෝගයේ බරපතලක අතර සැලකිය යුතු වෙනස්කම් යෝජනා නොකරයි.

BQ.1 යුරෝපයේ සහ ඇමෙරිකාවේ අනෙකුත් සංසරණය වන Omicron සංයෝජනවලට වඩා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ පිළිබඳ සමීප නිරීක්ෂණයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

කෙසේ වෙතත්, මේ වන විට රෝගයේ බරපතලකම වැඩි වීමක් යෝජනා කිරීමට වසංගත රෝග දත්ත නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Professor Catherine Bennett.
Deakin University chair of epidemiology Professor Catherine Bennett. Source: Supplied / Supplied by Professor Catherine Bennett

නව උප ප්‍රභේදවලට එරෙහිව වත්මන් එන්නත් ඵලදායීද?

Bivalent ඇතුළු එන්නත් වලින් මෙම නව උප ප්‍රභේදවලට එරෙහිව ලැබෙන ආරක්ෂාව අඩු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

කෙසේ වෙතත්, දරුණු රෝගවලින් ආරක්ෂා වීම සඳහා සැලකිය යුතු බලපෑමක් අපේක්ෂා නොකෙරේ.

නිර්දේශිත බූස්ටර් මාත්‍රාවන් ලබා ගැනීම සෑම කෙනෙකුටම වැදගත් වන බවත් විශේෂයෙන් වයස අවුරුදු 50 ට වැඩි හෝ නිධන් ගත රෝග ඇති අය නිර්දේශිත බූස්ටර් මාත්‍රාවන් ලබාගත යුතු බව මහාචාර්ය Bennett සඳහන් කළාය.

බූස්ටර් මාත්‍රාවන් මගින් ආසාදනයට ලක්වීමට එරෙහිව කෙටි කාලීන ආරක්ෂාවක් සපයන බව පෙන්වා දී ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.


ගෝලීය XBB සහ BQ.1 රැළි

මෙම ප්‍රභේදයන් නව ආසාදන වැඩිවීමට හේතු වී ඇති නමුත් පෙර කොවිඩ් රැළි මෙන් නොවන බව මහාචාර්ය Bennett සඳහන් කළාය.

ඔක්තෝබර් මස මුලදී ප්‍රංශයේ BQ.1 හි ඉහළම ව්‍යාප්ත වීම සිදුවූ අතර, ඔවුන්ගේ රෝහල්ගතවීම් දැනටමත් පහත වැටීමට පටන් ගෙන ඇති බව පෙනී යන බවත් එබැවින් එය සුබ පුවතක් බවත් ඇය පැහැදිලි කළාය.

XBB ප්‍රභේදය ආශ්‍රිතව සිංගප්පූරුවේ තත්ත්වය ද එලෙසමය.

නව උප ප්‍රභේදවලට එරෙහිව ආරක්ෂණ සහ වැළැක්වීමේ පියවර

මිනිසුන් එළිමහනේ වැඩිපුර සමාජගත වන විට නව රැල්ලක් සඳහා ඇති ඉඩකඩ අඩු වන බව මහාචාර්ය Bennett පැවසුවාය.

එන්නත් කිරීම, මුව ආවරණ පැළඳීම, පිරිසිදු වාතාශ්‍රය, කොවිඩ් පරීක්ෂා කිරීම, අසනීප වූ විට නිවසේ රැඳී සිටීම සහ COVID-19 ප්‍රතිකාර මෙම වයිරස සම්ප්‍රේෂණය සහ රෝගාබාධ අවම කිරීම සඳහා ඉතා ඵලදායී පියවර බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton සිහිපත් කළේය.

ඔබ පරීක්ෂා නොකරන්නේ නම්, ඔබට ප්‍රතිවෛරස් ඇතුළු වැදගත් මුඛ ප්‍රතිකාර වෙත ප්‍රවේශ විය නොඅහ්කි බවද ඔහු පැවසීය.


Share

Published

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service