Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ටර්න්බුල් රජයේ බලශක්තිය සම්බන්ධ නව ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලු බලශක්ති අමාත්‍යවරුන් අද හෝබාට් නුවරට.

Energy meeting hobart

Source: SBS

ටර්න්බුල් රජයේ බලශක්තිය සම්බන්ධ නව ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි හි බලශක්ති අමාත්‍යවරුන් අද  හෝබාට් නුවරදී මුණ ගැසෙයි.

මෙම හමුවේදී ටර්න්බුල් රජයේ නව බලශක්ති සැලසුම සඳහා ඔවුන්ගේ සහය හිමිවනු ඇතැයි මධ්‍යම රජයේ බලශක්තිය පිළිබඳ අමාත්‍ය Josh Frydenberg පැවසීය.

ටර්න්බුල් රජයේ මෙම යෝජිත නව බලශක්ති සැලැස්මට අනුව 2020 වන විට විශ්වාසාන්ත බලශක්ති සැපයුමක් සහ අහිතකර වායු විමෝචනය අවම කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරයි.

මේ අතර මෙම සැලැස්ම පිළිබඳ තවදුරටත් තොරතුරු අධ්‍යනය කිරීමට අවශ්‍ය බව කම්කරු පක්ෂය පවසයි.

නමුත් තම රජය මේ සම්න්බන්ධයෙන් ඇති හොඳම සැලසුම ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය Josh Frydenberg පෙන්වා දෙයි.

SBS පුවත් ඇසුරෙනි.


1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now