SKIP TO MAIN CONTENT

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ට ත් කොරෝනා

State Minister Piyal Nishantha tests positive for Covid-19
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ බව දැනුම් දී තිබේ.

පසුගිය දිනවල තමා සමීපව ඇසුරු කළ සියලු දෙනා සෞඛ්‍ය අංශ වෙත සහය දක්වමින් කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා ඉල්ලීමක් කර ඇත.

පියල් නිශාන්ත මහතා ගේ ආශ්‍රිතයෙකු වූ බැවින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා හටද කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now