SKIP TO MAIN CONTENT

ස්ටීව් ස්මිත් IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වෙයි (SBS සිංහල / වාර්තා )

cricket ipl
Australian Cricket captain Steve Smith has stood down as captain of the Royals in the IPL. (AAP) Source: AAP

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී නිමාවට පත් දකුණු අප්‍රිකා  ඕස්ට්‍රේලියා  තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුරදී පන්දුව පලුදු කිරීමට අනුබල දීම හේතුවෙන් මතභේදයට ලක් වීමත් සමග තාවකාලිකව ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සහ කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ ස්ටීව් ස්මිත් IPL විස්සයි විස්ස තරගාවලියේදී නායකත්වය ලබාදීමට නියමිත වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්  වී ඇති බව වාර්තා වෙයි.

2018 IPL තරගාවලියේදී ස්ටීව් ස්මිත්  රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය ලබානොදෙන බව එම කණ්ඩායම ස්ථිර කර තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය Ajinkya Rahane හට හිමි වන බව සදහන්.

මෙම තරග වාරය  සදහා ස්ටීව් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඩොලර් මිලියන 2.4ක  ඉතා ඉහල වටිනාකමකින් යුත් ගිවිසුමක් අත්සන් කර තිබුණි. කෙසේ වෙතත් මෙම තරග වාරය  තුල ඔහු සාමාන්‍ය  ක්‍රීඩකයෙකු ලෙසින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක්වනවාද නැද්ද යන්න පිලිබදව තවමත් ස්ථිර තොරතුරක් ප්‍රකාශයට පත් වී නැහැ.  

මීට  අමතරව  Sunrisers Hyderabad කණඩායමේ නායකත්වය දරන ඩේවිඩ් වෝනර් ද මෙම පන්දුව පලුදු කිරීමේ සිද්ධියට මුල් වී සිටින නිසා IPL තරගාවලිය තුල ඔහුගේ සහභාගීත්වයද  අවධානම් සහගත තතවයක පවතින බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now