SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයේ මෙවර අයවැයට ජනතාවට මුදල් වවුචර ලබාදීමේ යෝජනාවක් ඇතුලත්

NSW Premier Gladys Berejiklian during Question Time in the NSW Legislative Assembly at State Parliament in Sydney, Tuesday, September 25, 2018. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Source: AAP Image/Mick Tsikas

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද ඉදිරිපත් කෙරෙන නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැයයෙන් රැකියා හා ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කිරීමට අමතරව ප්‍රාන්තවාසීන් හට යම් ආකාරයක මුල්‍ය ප්‍රදාන ලබාදීමේ යෝජනාවක් ද ඇතුලත්ව තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සමාජයේ ඇතිව තිබෙන දැවැන්ත මානසික පීඩනය සඳහා යම් අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණින් මහජනතාව සඳහා මුදල් වවුචර ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනාකොට තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ප්‍රාන්තයේ සෑම වැඩිහිටියකුටම ආහාරපාන, විනෝදාස්වාදය සහ විනෝදය උදෙසා ඇති විවිද ක්‍රියාකාරකම් සඳහා වෙන වෙනම ඩොලර් 25 ක වටිනාකමක් ඇති මුදල් වවුචර හතරක් ලබා දීමට නියමිතයි.

මෙම වවුචර වෙන වෙනම අදාළ ක්‍රියාකාරකම් සඳහා වියදම් කලයුතු අතර, ඒවා සියල්ල එක්කොට එක් වියදමක් ලෙසට භාවිත කිරීමට අවස්ථාව නොලැබේ. මේ මඟින් කොරෝනා හේතුවෙන් පසුගාමී වී ඇති ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් මිලියන 500 ක පමණ මුදල් සංසරණයක් සිදුවෙනු ඇතැයි ප්‍රාන්ත ආර්ථික විශේෂඥයෝ ඇස්තමේන්තු කොට සිටිති.

ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික Dominic Perrottet විසින් අයවැය ඉදිරිපත් කරනු ඇති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now