SKIP TO MAIN CONTENT

අයහපත් කාලගුණය නිසා ශ්‍රී ලාංකාටද දැඩි හානි.

Stormy Weather in Sri Lanka
Source: Daily News

2 min read

Published



Skip to article content

ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිටකිලෝ මීටර් 300 පමණ දුරින් බස්නාහිර දෙසින් පවතින බව වාර්තා වේ.

ඉදිරි පැය කිහිපයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එබැවින් ශ්‍රී ලංකාව කෙරෙහි එහි බලපෑම අද දින සිට ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වැසි සහ නායයාම් මෙන්ම ගංවතුර තත්ත්ව්ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම  ආපදාවට ලක් වු ප්‍රමාණය 20,000 කට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කොළඹ සිට හම්බන්තොට කලාපය, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන මෙයට ඇතුළත් වන බව ද කොඩිපිලි මහතා කියා සිටියේය.

මේ වන විට පුද්ගලයින් 7කු මිය ගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

නිවාස පූර්ණ හානි 202 ක් හා අර්ධ හානි නිවාස 3000කට අධික පමණයක් වාර්තා වෙන අතර, සියලු දෙනා වෙනුවෙන් සහන සැළසීම මේ වන විටත් අඛණ්ඩව සිදුවන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ හේතුවෙන් පීඩාවට ජනතාවට සහන සැලසීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු සංවිධානය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now