"තාක්ෂණය", මේ වනවිට ලොව සියලු කටයුතු සඳහා අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව තිබේ. මෙම නව තාක්‍ෂණය හරහා ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සහ ඕස්ට්‍රේලියාවේ අනාගතයට සේවයක් සිදු කල සහ සේවා සිදු කරන ශ්‍රී ලාංකිකයකු SBS සිංහල සේවයට හමුවුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්.
ඉගෙනුම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට සමස්ත ඕස්ට්‍රේලියාවටම තම දැනුමෙන් සේවය කරන මේ අපූරු ලාංකිකයා නමින් "ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම".
Highlights
- "ACS වසරේ ICT වෘත්තිකයා" වශයෙන් මෙම සම්මානය දිනාගැනීම දක්වා යන ගමනට ඔස්ට්‍රේලියාව තුල පසුබිම සැකසීම
- නව තාක්‍ෂණය හරහා ඕස්ට්‍රේලියානු සමාජයට මෙතෙක් සිදු කල සහ, සිදු කරන කාර්යභාරය
- ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සමග සිටින කාලයේදී සිදු කල වැදගත් දේ සම්බන්ධයෙන් කෙටි මතක් කිරීමක්
- මෙම කටයුතු අතරතුරදී ඔබට මුහුණ දීමට සිදුවුන අභියෝග
- ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති හෝ සේවා
- තම අත්දැකීම් සහ ජයග්‍රහණ මත, මීළඟ පරපුරට ලබාදෙන මග පෙන්වීම
ඕස්ට්රේලියානු පරිගණක සංගමය (Australian Computer Society) මගින් සෑම වසරකදීම ඕස්ට්‍රේලියාව තුල කැපී පෙනෙන තාක්ෂණික කුසලතා සහිත පිරිස, නවෝත්පාදකයින්, නායකයින් මෙන්ම නැගී එන වෘත්තිකයන් හඳුනාගැනීම සිදු කරයි.
ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම යම් කලක් පුරා ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සමග කටයුතු කරන අතර ඔහු AI (Artificial intelligence) එසේත් නැතිනම් "කෘතිම බුද්ධිය" සහ දත්ත විද්‍යාව (Data Science) සම්බන්ධයෙන් වන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වශයෙන් සේවය කරයි. එමෙන්ම මේ කාලය අතරතුරදී ඔහු විවිධ තාක්‍ෂණ සඳහා විවිධත්වය සහ සමානාත්මතාවය ඇතුලත් කිරීම සම්බන්ධයෙන්ද කටයුතු රැසක් සිදු කොට තිබේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
පසුගියදා සිඩ්නි හි පැවති 2022 ACS Digital Disruptors’ Award සම්මාන උළෙලේ "වසරේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයා"ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම සිදු වුනෙත් ඔහු මේ නව තාක්‍ෂණය ඔස්සේ සිදු කරන මේ මෙහෙය නිසා මයි.
"ACS වසරේ ICT වෘත්තිකයා" වශයෙන් මෙම සම්මානය දිනාගැනීම දක්වා යන ගමනට ඔස්ට්‍රේලියාව තුල පසුබිම සැකසීම
මේ දක්වා පැමිණි ගමන පිළිබඳව මතකය අවදි කරමින් SBS සිංහල සේවයත් සමග ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම සඳහන් කොට සිටියේ, තමන් සිය මුලික අධ්‍යාපනය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරීම සිදු කල බවයි.
පසුව ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ Bsc සහ Msc උපාධි හදාරා තිබේ.
ඉන් අනතුරුව ආචාර්ය මහේන්ද්‍ර සිය ආචාර්ය (PhD) උපාධිය හැදෑරීම සඳහා 2011 වසරේදී University Of Sydney වෙත ඇතුලත් වී තිබේ.

කෙසේ නමුත් මේ උපාධිය සිදු කරන අතරතුරම, ව්‍යාපාර පරිපාලනය සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව University of Southern Queensland හි තවත් Masters උපාධි දෙකක් සිදු කල බවත් ආචාර්ය මහේන්ද්‍ර අපත් සමග පැවසීය.
ඉන් අනතුරුව AI තාක්‍ෂණය සහ දත්ත විද්‍යාව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කිහිපයකම සහතික පාඨමාලා කිහිපයක් ඔහු හදාරා තිබේ. එමෙන්ම ඔහු මෑත කාලයේදී Australian Institute of Company Directors ආයතනය මගින් උපාධි පාඨමාලාවක්ද අවසන් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින කාලය අතරතුර ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කළේය.
ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුවත් තම රැකියා ඒ ආකාරයෙන්ම සිදු කල බව සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික ආයතන කිහිපයක ඉංජිනේරුවරයකු සහ දත්ත විද්‍යාඥයකු වශයෙන් කටයුතු කල බවයි.
වර්තමානයේදී ආචාර්ය මහේන්ද්‍ර ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානයේ දත්ත විද්‍යාව සහ විශ්ලේෂණ අංශයේ කළමනාකරු වශයෙන් සේවය කරයි.
ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සමග සිටින කාලය තුලදී තමන් සිදු කල කාර්යභාරය සම්බන්ධයෙන් ඔහු සඳහන් කොට සිටියේ, තාක්ෂණ නවෝත්පාදනය සම්බන්ධයෙන් වන ක්‍රමෝපායන්, මානව සමාජ සාධාරණත්වය සහ තිරසාරත්වය යන අංශ සඳහා යොදාගැනීම සඳහා තමන් කැපී පෙනෙන මෙහෙයක් සිදු කල බවයි.
"තමන් AI සහ දත්ත විද්‍යාව මෙන්ම Emerging Technology, සමාජ සුබසාධනය සඳහා යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටින අතරතුරදී මෙය ඔස්ට්‍රේලියාවට මෙන්ම ජාත්‍යන්තරයටද උපකාර කිරීමක් වන බවට ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි."
ආචාර්ය මහේන්ද්‍ර මේ වනවිට ආයතන සහ සංවිධාන රැසක සාමාජිකත්වය දරන අතර ඒ සඳහා සක්‍රීයව සිය දායකත්වය සපයයි.
නව තාක්‍ෂණය හරහා ඕස්ට්‍රේලියානු සමාජයට මෙතෙක් සිදු කල සහ සිදු කරන කාර්යභාරය
ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සමග සිය කටයුතු සිදු කරන කාලය තුලදී ආචාර්ය මහේන්ද්‍ර, පාරිසරික සමාජ සහ පාලනය (Environmental, social and corporate governance) සඳහා AI (Artificial intelligence) එසේත් නැතිනම් කෘතිම බුද්ධිය පිලිබඳ තාක්‍ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන්, සමාජ සාධාරණත්වය සහ තිරසාරත්වය (Humanity Social justice and Sustainability) සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කිරීම සම්බන්ධයෙන් සහ AI තාක්‍ෂණය සහ දත්ත විද්‍යාව "පාරිභෝගික අත්දැකීම්" වැඩිදියුණු කිරීම සඳහා යොදාගන්න ආකාරය සම්බන්ධයෙන් කටයුතු කොට තිබේ.
එමෙන්ම ඔහු AI (කෘතිම බුද්ධිය) තාක්‍ෂණය සහ දත්ත විද්‍යාව මානුෂික මෙහෙයුම් සඳහා වන ගුණාත්මක භාවය ඉහල දැමීම සම්බන්ධයෙන්ද ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානයට විශාල දායකත්වයක් ලබා දී තිබේ.

ඔහු පවසන්නේ විවිධ මාධ්‍යයන් ඔස්සේ AI (කෘතිම බුද්ධිය) තාක්‍ෂණය සමාජ සුභසාධනය උදෙසා උපයෝගී කරගන්නා ආකාරය සම්බන්ධයෙන් දැනුම බෙදාහැරීම, උපදේශනාත්මක සේවා සහ නායකත්වයද ලබාදීම තමන් සිදු කල බවයි.
ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සමග සිටින කාලයේදී සිදු කල වැදගත් දේ සම්බන්ධයෙන් කෙටි මතක් කිරීමක්
ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය සඳහා තමන් AI (කෘතිම බුද්ධිය) සහ දත්ත විද්‍යාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශකත්වය ලබාදීම සිදු කල අතර AI තාක්‍ෂණය, මානව හිතවාදීව සහ ගුණාත්මකව භාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රමෝපායන් සකස් කිරීම සිදු කල බව ආචාර්ය මහේන්ද්‍ර පවසයි.
ඒවා නම්
- AI තාක්‍ෂණය නව නිර්මාණ තුල, මානව විවිධත්වය/ සමානාත්මතාවය සහ සම්බන්ධීකරණය වැනි ඉහල ගුණාත්මකභාවයක් ඇති කිරීමට පියවර ගැනීම
- නව නිර්මාණ තුලින් සම්ප්‍රදායික ජනතාවට නව නිර්මාණ භාවිතයට අවස්ථාව සලසා දීම
- ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට සහ ඊට අනුගත වීම සඳහා සමාජ විද්‍යාව මෙන්ම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කිරීම
- සමාජ සුභසාධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් හට උපදේශනාත්මක සේවා ලබාදීම සහ නව ව්‍යාපෘති ඇතිකිරීම
- මානුෂික සංවර්ධනයට නව තාක්‍ෂණය යොදාගැනීම සඳහා පර්යේෂණ සිදු කිරීම මෙන්ම එම පර්යේෂණ සඳහා නව ආයතන සමග සහයෝගිතාවය වර්ධනය කිරීම
සඳහන් කල හැක.
"තමන් රතුකුරුස සංවිධානයේ අනාගත දර්ශනයට අනුව මේ සියලු නව නිර්මාණ සිදු කල බව සඳහන් කරමින් ආචාර්ය මහේන්ද්‍ර අපත් සමග සඳහන් කොට සිටියේ තමන්ගේ මෙම සියලු කටයුතු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ දත්ත සංසදයේ පැසසුමට ලක්වූ බවයි."
මෙම කටයුතු අතරතුරදී ඔබට මුහුණ දීමට සිදුවුන අභියෝග
පසුගිය වසර දෙකක කාලය තුල ඕස්ට්‍රේලියාවට ලැව්ගිනි, ගංවතුර, නියඟය සහ සුළි කුණාටු වැනි ආපදා සහ ව්‍යසන රැසකට මුහුණ දීමට සිදු වූ අතර කොවිඩ් වසංගතය හේතුවෙනුත් ඕස්ට්‍රේලියාවට දැඩි පීඩනයක් එල්ල විය.
මේ සියල්ලට මෙන්ම ජාත්‍යන්තරමය වශයෙන් ඇති වූ විවිධ ගැටුම් සහ ස්වභාවික විපත් ගණනාවක් සඳහා ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය සිය මානුෂීය ආධාර සැපයීම සිදු කල අතර මේ සියලු දේ සඳහා දත්ත විද්‍යාව සහ විශ්ලේෂණය ඔස්සේ තම කණ්ඩායම සහාය ලබාදීම සිදු කල බව ආචාර්ය මහේන්ද්‍ර පවසයි.

පසුගිය වසර දෙකක කාලය තුල ඕස්ට්‍රේලියානු රතුකුරුස සංවිධානය ඉහළතම මානුෂීය ආධාර සැපයීමේ කාර්යයක නිරත වූ අතර එවැනි කාර්යබහුල කාලසීමාවක නව නිර්මාණ සඳහා කැපවීම තමන්ට දැඩි දුෂ්කර කාර්යයක් වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් ආචාර්ය මහේන්ද්‍ර අපත් සමග සඳහන් කොට සිටියේ ප්‍රජා සහාය සහ සෙසු පිරිසේ සහාය ඇතුව තමන්ට සහ තම කණ්ඩායමට මේ සියලු දේ කළමනාකරණය කරගැනීමට හැකි වූ බවයි.
ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති හෝ සේවා
මේ සම්බන්ධයෙන් අපත් සමග ඔහු පවසා සිටියේ තවදුරටත් AI (කෘතිම බුද්ධිය) තාක්‍ෂණය සහ Emerging Technology ඔස්සේ ඔස්ට්‍රේලියාවට සහ ජාත්‍යන්තරමය වශයෙන් සමාජයට දිගුකාලීනව සේවය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මෙම තාක්ෂණික ව්‍යාපෘති ඔස්සේ, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සඳහා උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම, රතුකුරුස සංවිධානය තුල දත්ත සාක්ෂරතාවය පිලිබඳ ව්‍යාපෘතියේ ගුණාත්මක බව ඉහල දැමීම, AI සහ නව තාක්‍ෂණය හා බැඳුනු නිර්මාණ තුල කාන්තා නියෝජනය වැඩි කිරීම ඇතුලු බලාපොරොත්තු රැසක් තමන්ට පවතින බවයි.
තම අත්දැකීම් සහ ජයග්‍රහණ මත, මීළඟ පරපුරට ලබාදෙන මග පෙන්වීම
"ACS වසරේ ICT වෘත්තිකයා වශයෙන් තමන් හට මෙම සම්මානය ලැබීම සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්වන බව සඳහන් කරමින් ආචාර්ය මහේන්ද්‍ර අපත් සමග සඳහන් කොට සිටියේ මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවෙත් නිදහස් අධ්‍යාපනය තමන්ට දැඩි රුකුලක් වූ බවයි."
මේ දක්වා පැමිණීමට තමන් හට අධ්‍යාපනය මහත් පිටිවහලක් වූ අතර මේ හේතුවෙන් ඉදිරි පරපුර වෙත ඔහු සඳහන් කොට සිටින්නේ නව දැනුම ලබාගැනීම අතිශය වටිනා දෙයක් වන බවයි.
නව පරපුර, ICT (තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ) ක්ශේස්ත්‍රය තුල AI (කෘතිම බුද්ධිය) , Cyber Security (සයිබර් ආරක්ෂාව) සහ Quantum Computing වැනි නව තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වන අතර,ආචාර්ය මහේන්ද්‍ර අවසන් වශයෙන් නවකයින් ගෙන් ඉල්ලා සිටියේ මේ ඔස්සේ සමාජයට මෙහෙවරක් කිරීමට හැකි සියලුම දේ කිරීමට උත්සාහ දරන ලෙසයි.
ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ්අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන්දෙන්න.

