රටින් පිටත සිටින ඕස්ට්‍රේලියානුවන් මොරිසන් ආණ්ඩුව ජිනීවා ගෙනියයි (SBS සිංහල/වාර්තා)

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම සිදු කළේය. මේ හේතුවෙන් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳී සිටි ඕස්ට්‍රේලියානුවන් StrandedAussies.org ලෙසින් කණ්ඩායමක් පිහිටවීය. එම කණ්ඩායම මගින් මේ වන විට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

Stranded Australians have filed legal action with the UN against the Morrison government.

Stranded Australians have filed legal action with the UN against the Morrison government. Source: pexels

Highlights

  • ජිනීවා කමිටුවට ඉදිරිපත් කල චෝදනා 
  • මොරිසන් රජය මෙම පිරිස පිළිබඳව නොතකන බව බැරිස්ටර් Geoffrey Robertson පැවසීම
  • ඕස්ට්‍රේලියානු රජය මගින් මොවුන් අතහැර දමා ඇති බව ප්‍රකාශිකා Deborah Tellis පෙන්වා දීම

ජිනීවා කමිටුවට ඉදිරිපත් කල චෝදනා

StrandedAussies.org ලෙසින් හැඳින්වෙන මෙම කණ්ඩායම ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත සිය චෝදනා ගොනු කොට තිබේ.

මෙහිදී ඔවුන් සඳහන් කොට ඇත්තේ තමන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් වී නැවතත් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට කැමති නමුත් මොරිසන් රජය මගින් සිදු කොට ඇති, ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා සීමා කිරීම ඔස්සේ තම මවු බිමට පැමිණීම සඳහා වන අයිතීන් උල්ලන්ඝනය වී ඇති බවයි.

මොරිසන් රජය මෙම පිරිස පිළිබඳව නොතකන බව බැරිස්ටර් Geoffrey Robertson පවසයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම කණ්ඩායම සඳහා උපදෙස් ලබාදෙන මානව හිමිකම් පිළිබඳව වන බැරිස්ටර් Geoffrey Robertson පෙන්වා දෙන්නේ කිසිදු ගෞරවනීය රජයක් වසරකට වඩා වැඩි කාලයක් තම පුරවැසියන්ට ආපසු පැමිණීමට නොහැකි වන ලෙස දේශසීමා වසාතබා නොමැති බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ දේශපාලන පක්ෂ පසුගිය කාලය පුරාම ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින ඕස්ට්‍රේලියානුවන් හට හැකි සෑම සහායක්ම දැක්වූ නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් සම්බන්ධයෙන් එතරම් තැකීමක් සිදු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියානු රජය මොවුන් අතහැර දමලා, ප්‍රකාශිකා Deborah Tellis

මේ සබන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශිකා Deborah Tellis, එම පෙත්සම් කරුවන් ඕස්ට්‍රේලියානු රජය මගින් අතහැර දැමූ ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ලෙස පෙන්වා දී තිබේ.

නිරෝධායන කටයුතු සඳහා රජය වගකිවයුතු අතර ඕස්ට්‍රේලියානු වැසියන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සඳහා පහසුකම් සැපයීමද රජයේ වගකීම බව Deborah Tellis සඳහන් කොට සිටී.

මෙම ගැටලුව මත බොහෝ ඕස්ට්‍රේලියානුවන් භයානක සහ කණගාටුදායක තත්වයකට පත්ව ඇති බවට පෙන්වා දෙමින් Deborah සඳහන් කොට සිටින්නේ ඔවුනට සිය දෙමාපියන්ගේ අවමංගල උත්සව සඳහා, ඥාතීන්ගේ අසනීප තත්වයක් සඳහා හෝ ඉගෙනීම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට නොහැකිව සිටින බවයි.

එක්සත් ජාතීන් වෙත යාමෙන්, මොරිසන් රජයට මෙම පිරිසගේ මානුෂීයත්වය පිළිබඳව දැනුවත් කිරීමක් බලාපොරොත්තු වන බවද Deborah සඳහන් කරයි.

පසුගිය නත්තල වනවිට හැකි තරම් පිරිසක් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව පසුගිය දෙසැම්බර් මසදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කල අතර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ නැවත පැමිණීමට බලාපොරොත්තු වන සෑම ඔස්ට්‍රේලියානුවකුම ගෙන්වාගැනීම සහතික කිරීමට අවශ්‍ය බවයි.

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුල ආරම්භයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියානුවන් 500,00ක් පමණ නැවතත් පැමිණ ඇති අතර තවමත් 36,000කට වැඩි පිරිසක් පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

කෙසේ නමුත් මෙලෙස නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ලියාපදිංචිව සිටින පුද්ගලයින් 36,206 දෙනෙකුගෙන් 4,860 දෙනෙකුම, නැවත පැමිණීම පිළිබඳව දැඩි චකිතයකින් පසුවන බව පසුගිය සතියේදී විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව මගින් සෙනෙට් සභාවට නිකුත් කළ සංඛ්‍යාලේඛනවල වල සඳහන් වේ.

Source :- SBS news - DFAT


Share

Published

Updated

By Nipuna Dodangoda, SBS News
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
රටින් පිටත සිටින ඕස්ට්‍රේලියානුවන් මොරිසන් ආණ්ඩුව ජිනීවා ගෙනියයි (SBS සිංහල/වාර්තා) | SBS Sinhala