SKIP TO MAIN CONTENT

ජාතිවාදය - ආගම්වාදය මැඩලීමේ බලය පොලිසියට.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (23/05) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි ජාතිවාදී ආගම්වාදී කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විශේෂ අවධානය යොමු කළ හෙයින් අද පැවැති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය කිසිදු භේදයකින් තොරව සැමටම එකසේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now