Key Points
- පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සිසුන් 1,000 කට වැඩි පිරිසක් පාසල් මගහැර තිබේ
- මෙවැනි විරෝධතා සඳහා සහභාගී වීමට සැලසුම් කරන සිසුන් ඒ පිලිබඳව දෙවරක් සිතිය යුතු බව දේශපාලකයින් කියා සිටී
- හමාස්-ඊශ්‍රායල් යුද්ධය වහා අවසන් කිරීම සිසුන්ගේ ඉල්ලීම් අතර වේ
වික්ටෝරියානු පාසල් සිසුන් 1000කට අධික පිරිසක් "free Palestine" වන ඉල්ලීම් සඳහා සහය පළ කරමින් මෙල්බර්න් නගරයේ වීදි අවහිර කරමින් බ්‍රහස්පතින්දා (23) උද්ඝෝෂණයක නිරතව තිබේ.
මෙම පාසල් සිසුන් හට පාසල් තුල රැඳී සිටින ලෙසට දේශපාලඥයින් දිගින් දිගටම සඳහන් කලද ඔවුන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට තිබේ.
ඔවුන් සිය පාසල් දිවා ආහාර වේලාවේදී පන්තිවලින් ඉවත් වී මෙල්බර්න් හි Flinders Street දුම්රිය ස්ථානය අසලට රැස්ව තිබේ.
සිසුන් සිදු කල උද්ඝෝෂණ හේතුවෙන් මෝටර් රථ සහ ට්‍රෑම් රථ අවහිර වීම සිදු වූ අතර මේ සඳහා මෙම උද්ඝෝෂණ සංවිධානය කල පිරිස ඔවුන්ව දිරිගන්වා ඇතැයි වාර්තා වේ.
මේ සඳහා සහභාගී වූ ඇතැමුන් සඳහන් කොට ඇත්තේ ඊශ්‍රායලය, ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය අවසන් කරන ලෙස ඉල්ලා සිටින බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව මේ වනවිට ඊශ්‍රායලය සමග පවතින සියලු දේශපාලන, ආර්ථික හා මිලිටරි සබඳතා කපා හැරිය යුතු බව තවත් අයකු කියා සිටී
මේ සඳහා සහභාගී වූ 15 හැවිරිදි Seba, AAP සේවය වෙත සඳහන් කොට සිටින්නේ කිසිදු පුද්ගලයකු මිය නොයා යුතු අතර මිනිසුන්ගේ ජිවිත තම අධ්‍යාපනයට වඩා වැදගත් වන බවයි.

People of all backgrounds attended the pro-Palestinian school strike in Melbourne. Source: SBS
ඕස්ට්‍රේලියානු National Disability Insurance Schem හි අමාත්‍ය Bill Shorten ගේ Melbourne මැතිවරණ කාර්යාලයට හානි
ඕස්ට්‍රේලියානු National Disability Insurance Schem හි අමාත්‍ය Bill Shorten ගේ මෙල්බර්න් ආසන කාර්යාලය රතු තීන්ත යොදාගනිමින් උද්ඝෝෂණකරුවන් විනාශ කොට ඇති බව වාර්තා වේ.
ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරුවල අනුරූ, පසුගිය සතියේ ෆෙඩරල් දේශපාලනඥයන්ගේ කාර්යාලවල පිතට ප්‍රදර්ශනය කල අතර මෙම සිදුවීමත් මීට සම්බන්ධ ඇතැයි අමාත්‍ය Bill Shorten පවසයි.
කෙසේ නමුත් ඔහු මාධ්‍ය වෙත සඳහන් කොට සිටියේ අප මෙහිදී සමාජ සහජීවනය ප්‍රවර්ධනය කළ යුතු බවට යමකු තමාට ප්‍රකාශ කල බවයි.
මෙම විරෝධතාවන්හි ඉලක්කය තමාට වැටහෙන බවත් කෙසේ නමුත් පාසල් මඟහැරීම වෙනුවට නිසි අධ්‍යාපනයක් ඇති පිරිසක් ලෝකයට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Bill Shorten's electoral office in Melbourne has been vandalised. Source: AAP / Joerl Carrett
සිසුන් පාසලට නොගිය හොත් එය ඔවුන් පාසලට නොපැමිනීමක් වශයෙන් සලකන බවත් ඔහු කියා සිටී.
එමෙන්ම වික්ටෝරියානු අධ්‍යාපන අමාත්‍ය Ben Carroll කියා සිටින්නේ සිසුන් පාසල් තුල සිටිය යුතු බවයි.
හමාස් සංවිධානය මගින් ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් සිදු කල අතර එමගින් පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඊශ්‍රායල රජයට පවසයි. එමෙන්ම ඔවුන් 200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.
කෙසේ නමුත් හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
"හමාස්" යනු පලස්තීන හමුදා සහ දේශපාලන කණ්ඩායමක් වන අතර, එය 2006 දී ව්‍යවස්ථාදායක මැතිවරණ ජයග්‍රහණයකින් පසුව ගාසා තීරයේ බලය ලබා තිබේ.
ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරමින් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුණ වේ.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව ඇතුළු රටවල් මගින් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට ඇත. නමුත් නවසීලන්තය සහ පැරගුවේ යන රටවල් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලැයිස්තුගත කර ඇත්තේ මෙම සංවිධානයේ හමුදා අංශය පමණි.
2018 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, හමාස් සංවිධානය මුළුමනින්ම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හෙළා දකින යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

More than 1,000 people took part in the rally. Source: AAP / James Ross
සිසුන් හමාස්-ඊශ්‍රායල් යුද්ධය වහා අවසන් කරන ලෙස ඉල්ලයි
පලස්තීනුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය කිසිවක් නොකරන බවට මෙල්බර්න් රැලි සංවිධායකයෝ චෝදනා කරති.
යුද්ධය වහා අවසන් කරන ලෙසත්, ඊශ්‍රායල හමුදා පලස්තීන ප්‍රදේශවලින් ඉවත් කරන ලෙසත් එමෙන්ම ඊශ්‍රායලයට හමුදා ආධාර නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.
මෙල්බර්න් හි පැවති මෙම රැලිය පලස්තීන ජාතික ශිෂ්‍ය වර්ජන මාලාවක එකක් පමණක් වන බව වාර්තා වේ.
ඇඩිලේඩ් හි සිසුන් බ්‍රහස්පතින්දා (23) පාර්ලිමේන්තු මන්දිරයේ විරෝධතාවක් පැවැත්වූ අතර සිඩ්නි, Wollongong සහ Byron Bay හි සිසුන් සිකුරාදා (24) විරෝධතාවයේ නිරත වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය Prue Car පවසන්නේ, සිසුන් මෙවැනි කටයුතු සඳහා සහභාගී වීමට පාසල මඟ හැරීම, කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
සිඩ්නි නගර ශාලාවේදී පැවැත්වෙන මෙම විරෝධතාව උසස් පාසල් සහ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කොට තිබේ.
ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය සඳහන් කොට සිටින්නේ විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ කටයුතු පිළිබඳව අවධානය යොමු කල යුතු අතර, උසස් පාසල් සිසුන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.