පෙනහළු පිළිකා රෝගීන් ප්‍රතිකාර වලට යොමුකිරීමේදී අසාධාරණයට ලක්වන බව වාර්තාවක් පෙන්වා දෙයි (SBS සිංහල /වාර්තා)

Lung Cancer

Source: Getty Images

පෙනහළු පිලිකා සදහා ප්‍රතිකාර ලබාගැනීමේදී අදාල රෝගීන් අසාධාරණයට ලක්වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පිළිකා කවුන්සිලය මගින් දියත් කල සමීක්ෂණයකින් හෙළි වී තිබේ. සෑම පෙනහළු පිළිකා රෝගීන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම තම රෝගී තත්වය උත්සන්නව හදසි අනතුරු ඒකකය ඔස්සේ රෝහල් ගත වීමට පෙර කීප වතාවක් තම සාමාන්‍ය වෛද්‍යවරයා හමු වී ඇති බවට මෙම අධ්‍යනය මගින් කරුණු අනාවරණය වී තිබේ.  මේ අනුව පර්යේෂකයින් පවසන්නේ මෙම සංකීර්ණ රෝග තත්වය කලින් හදුනා ගැනීමට තවත් පර්යේෂණ සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි.

මේ අතර රෝහල් වල හදිසි අනතුරු ඒකක වලට ඇතුළු වූ පෙනහළු පිලිකා රෝගීන්ගෙන් සියයට 35ක් රෝගය හදුනාගැනීමෙන් මසකට ආසන්න කාලයකට පසුව එලෙස රෝහල් ගත වී ඇති බව සදහන්. මේ අයගෙන් බොහොමයක් දුම්පානය කල අය බවත්, රෝගයේ බරපතල තත්වයට පැමිණි අය බවත් මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

තවද මෙම සමීක්ෂණයට අනුව සදහන් වන්නේ, සියයට 92ක් පෙනහළු පිළිකා රෝගීන් රෝගය හදුනාගැනීමට මාස 6කට පෙර අවම වශයෙන් තුන් වතාවක් වත් තම වෛද්‍යවරයා හමු වී ඇති බවයි.

මෙම සමීක්ෂණයට මුලිකත්වය ගෙන කටයුතු කල නිව් සවුත් වේල්ස් පිළිකා කවුන්සිලයේ පර්යේෂක මහාචාර්ය Dianne O'Connell පවසන්නේ, මෙම රෝගීන් මුලිකව තම රෝගී තත්වය සදහා රෝහල් වල හදිසි අනතුරු සේවයේ පිහිට පතන්නේ නැති බව මෙම දත්ත මගින් පෙනී යන බවයි.

බොහොමයක් පෙනහළු පිළිකා රෝගීන් සුවකිරීමට අපහසු හෝ රෝගය පාලනය කිරීමට අපහසු තත්වයට පත්ව ඇත්තේ මුලික අවස්ථාවේදී රෝගය හදුනාගැනීමට ඇති අපහසුතා නිසා බව මහාචාර්ය  O'Connell පවසයි.  

තවද රෝගී තත්වය හදුනා ගැනීමෙන් පසුවද රෝගීන් තිදෙනෙකුගෙන් එක් අයෙක් කිසිදු ප්‍රතිකාරයකට යොමු නොකරන බව මෙම සමීක්ෂණය පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක්. පුද්ගලික රක්ෂණ ආවරණ නොමැති සහ වයස්ගත රෝගීන් මෙලෙස ප්‍රතිකාර නොලබන අය අතර වැඩි වශයෙන් සිටින බව වැඩි දුරටත් සදහන්.

මේ ආකාරයෙන් පෙනහළු පිළිකා රෝගීන් අසාධාරණයට ලක්වීම පසුගිය වසර 20 තුල විවිධ සමීක්ෂණ මගින් පෙන්වා දී ඇති බව මහාචාර්ය Dianne O'Connell පවසනවා. නමුත් ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවී ඇති බවත් එහිදී සමහරක් රෝගීන් දැඩි අසාධාරණයට ලක්වන බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දෙනවා.

පෙනහළු පිලිකා කලින් හදුනා ගැනීම සදහා අවශ්‍ය පර්යේෂණ ක්‍රියාත්මක කිරීම මෙහිදී ඉතා වැදගත් පියවරක් බව මහාචාර්ය Dianne O'Connell සදහන් කරයි.


Share

2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now