SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මුස්ලිම් ස්වාමි පුරුෂයන්ගේ බහු විවාහක භාර්යාවන් සඳහා Centrelink දීමනා සඳහා රජයට අමතර වියදමක් ???? (පුවත් කෙටියෙන්)

polygamous
Source: www.linkedin.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ බහු විවාහ පිළිබඳ කිසිදු යෝජනවක් රජය පිළිගෙන නොමැති බව ඔස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය Mathias Cormann පවසයි.

මුස්ලිම් ස්වාමි පුරුෂයන්ගේ බහු විවාහක භාර්යාවන් සඳහා සහාකාර දීමනා Centrelink විසින් පිරිනමන බවට පළවූ කතා බහ නිසා අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කර තිබේ.

තනි දෙමාපියන්ට වඩා මෙමගින් රජයට අමතර වියදමක් දැරීමට සිදු වන බවත් මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Tony Abbott ඉල්ලා සිටි බවත් සඳහන්.

නමුත් ඔස්ට්‍රේලියානු රජයට බහු විවාහ පිළිබඳ යෝජනා කිරීම ඵලදායී කරුණක් නොවන බව මුදල් අමාත්‍ය Mathias Cormann අවධාරණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now