SKIP TO MAIN CONTENT

විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවීමට සුමන්දිරන්ගෙන් කොන්දේසියක්.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් විසින් පළාත් සභාවේ චෝදනා එල්ලවූ අමාත්‍යවරුන් සිව්දෙනාගෙන් වැරදිකරුවන් බවට තහවුරු වූ දෙදෙනා පමණක් ඉවත්කිරීමට කටයුතු කරන්නේනම් මේ වන විට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යළි කැඳවීමට තම පක්ෂය සුදානම් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.

පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු අමාත්‍ය ධුරයෙන් ඉවත්කොට එම අමාත්‍ය ධුර ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන් මහතාට එරෙහිව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් කොට ආණ්ඩුකාරවරයාට විශ්වාසභංගයක් බාරදෙනු ලැබිණි.

එසේ තිබියදී ඊයේ (16/06) දිනයේ උතුරේ ප්‍රදේශ කිහිපයක ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළකරමින් හර්තාල් ව්‍යාපාරයක් දියත්වී තිබුණු අතර පළාත් සභාවේ 31 දෙනෙකුගේ යුතු සභිකයින්ගෙන් 15 දෙනෙකු ඊයේ වන විට ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළකොට පෙත්සමක් බාරදී ඇති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now