SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියවේ ඉරිදා දිනවල සේවය කිරීමේදී ලබා දෙන penalty rates දීමනා කප්පාදුව ඊයේ සිට ක්‍රියාත්මකයි.

Sunday penalty rate cut down
Source: www.ajp.com.au

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ ඉරිදා දිනවල සේවය කිරීමේදී ලබා දෙන penalty rates දීමනා කප්පාදු කිරීම ඊයේ (02/07) දිනයේ සිට ක්‍රියාත්මක වන බැවින් අදාළ දීමනා ලබන සේවකයින් තම වැටුප් පත් මැනවින් පරීක්ෂා කරන ලෙසට රැකියා පිළිබඳ නීතිඥයින් පවසයි.

සිල්ලර වෙළෙඳාම්, fast food, pharmacy සහ hospitality යන ක්ෂේත්‍ර වල සේවයෙහි නියුතු සේවකයින්ගේ ඉරිදා දිනවල penalty rates දීමනා කප්පාදු කිරීමට  Fair Work කොමිසම ඉකුත් පෙබරවාරි මස තීරණය කළේය.

ඒ අනුව එම තීන්දුව ඊයේ (02/07) දිනයේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත.

මෙනිසා තමන්ගේ ඉරිදා දින penalty rates දීමනා අසාධාරණ ලෙස කප්පාදු කර ඇතිදැයි යන්න වැටුප් පත් ගෙන මැනවින් මැනවින් සෝදිසි කර බලන මෙන්  රැකියා පිළිබඳ නීතිඥ Aron Neilson,  3-A-W ගුවන් විදුලියට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now