SKIP TO MAIN CONTENT

සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කරයි

Australian Cricketer David Warner
Australia's Criketer David Warner Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබේ.

ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් ද සමුගන්නා බවට එලෙස නිවේදනය කළේ සිය අවසන් ටෙස්ට් තරගයට දින තුනකට පෙරවීම විශේෂත්වයක්. මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා - පකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයෙන් අනතුරුව තමා ටෙස්ට් තරඟ පිටියෙන් ද සමුගන්නා බවට වෝනර් මිට පෙර නිවේදනය කොට තිබිණ.

ඒ අනුව ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වනදා පකිස්තානයට එරෙහිව සිඩ්නිහි ආරම්භවීමට නියමිතයි.

වොනර්ගේ මේ සමුගැනීමේ තීරණයෙන් අනතුරුව ඉදිරියේදී ඔහු ඕස්ට්‍රේලියානු T 20 තරඟ වලට පමණක් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇත.

එක්දින පිටියෙන් ඉවත්වී ලීග් ක්‍රිකට් තරගවලට වැඩි අවස්ථාවක් ලබාදීමට තමන් අපේක්‍ෂා කරන බවද ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now