SKIP TO MAIN CONTENT

සුපිරි අමාත්‍යංශ පනත් කෙටුම් පත, වෙනත් නමකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

‘Super Ministry’ Bill slipped, under different name, into Parliament
Source: Sri Lanka Parliament

1 min read

Published

By Madhura Seneviratne

Source: The Island



Skip to article content

සුපිරි අමාත්‍යංශ පනත් කෙටුම් පත “ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත” ලෙස වෙනත් නාමයකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (09/01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගසම ඒ සඳහාවූ විවාදය ඉදිරි දිනකදී පැවැත්වීමට කටයුතු යොදන ලෙස සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මත්රීවරුන් පිරිසක් නැගිට එම පනතට සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට විරෝධය පෑමක් සිදු කළ බව වාර්තා වේ.

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන් බවත් දැන් සභාව කල් තබා අවසන් නිසා ඝෝෂා කිරීමෙන් පළක් නැති බවත් සභා නායකවරයා එහිදී පවසා තිබේ.

එම පනත, සුපිරි අමාත්‍යංශය පිහිටුවීමේ පනත බවත් එය පරාජය කිරීමට හැකි සැම පියවරක්ම ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට සංවර්ධන හා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම මෙම පනතේ අරමුණ බව එය ඉදිරිපත් කිරීමේ පූර්විකාවේදී පවසා ඇත. ඒ සඳහා තිරසාර සංවර්ධන කවුන්සිලයක්ද පිහිටුවීමට අපේක්ෂා කෙරෙන බවද සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now