සුපිරි අමාත්‍යංශ පනත් කෙටුම් පත, වෙනත් නමකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

‘Super Ministry’ Bill slipped, under different name, into Parliament

Source: Sri Lanka Parliament

සුපිරි අමාත්‍යංශ පනත් කෙටුම් පත “ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත” ලෙස වෙනත් නාමයකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (09/01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගසම ඒ සඳහාවූ විවාදය ඉදිරි දිනකදී පැවැත්වීමට කටයුතු යොදන ලෙස සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මත්රීවරුන් පිරිසක් නැගිට එම පනතට සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට විරෝධය පෑමක් සිදු කළ බව වාර්තා වේ.

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන් බවත් දැන් සභාව කල් තබා අවසන් නිසා ඝෝෂා කිරීමෙන් පළක් නැති බවත් සභා නායකවරයා එහිදී පවසා තිබේ.

එම පනත, සුපිරි අමාත්‍යංශය පිහිටුවීමේ පනත බවත් එය පරාජය කිරීමට හැකි සැම පියවරක්ම ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට සංවර්ධන හා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම මෙම පනතේ අරමුණ බව එය ඉදිරිපත් කිරීමේ පූර්විකාවේදී පවසා ඇත. ඒ සඳහා තිරසාර සංවර්ධන කවුන්සිලයක්ද පිහිටුවීමට අපේක්ෂා කෙරෙන බවද සඳහන් කර තිබේ.


Share

Published

By Madhura Seneviratne
Source: The Island

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සුපිරි අමාත්‍යංශ පනත් කෙටුම් පත, වෙනත් නමකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. | SBS Sinhala