SKIP TO MAIN CONTENT

සුරංග ලක්මාල් ට ශ්‍රී ලංකා ටෙස්ට් උප නායකත්වය.

Suranga Lakmal named Sri Lanka’s Test vice-captain
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තිස්වැනි වියේ පසුවන ලක්මාල්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රවීණතම වේග පන්දු යවන්නා වන අතර මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ඔහු ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.

ටෙස්ට් තරග 42 කට තරග කර ඇති සුරංග ලක්මාල් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 96 කි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන්දික්වැල්, රොෂේන් සිල්වා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

Sri Lanka Cricket ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now