SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් පළමු ටෙස්ට් තරගය : ඉන්දියාවේ මුල් කඩුලු 3 ලකුණු 17 කට ගැලවෙයි.

SL vs India 1st Test
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ (16/11) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණය හේතුවෙන් නවත්වන විට මුලින්ම පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 17 ක් රැස් කරගෙන සිටියි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන සුරංග ලක්මාල්  අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය පිළේ කඩුලු 3 ම බිඳ හෙලීය.

මේ වන විට  කඩුල්ලේ රැඳි සිටින චෙටේෂ්වර් පුජාරා ලකුණු 8 ක් රැස්කර සිටි අතර අජින්ක්‍යා රහනේට ලකුණු ලබාගැනිමට අවස්ථාවක් හිමිනොවීය.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වී යැවිය හැකිවූයේ ඕවර 8 ක් පමණි.

නැවතත් ඇතිවූ වර්ෂාව නිසා ආපසු ගිය ක්‍රීඩකයෝ එය තේ පානය සදහාද අවස්ථාවක් කර ගත්හ.

තේ පානයෙන් පසුව ඇරඹුණු තරගයේ ඕවර 3.3 ක් යැවීමෙන් පසුව ඇතිවූ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කිරීමට සිදුවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now