SKIP TO MAIN CONTENT

ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකයක්

The second group of Wuhan evacuees arrive at Christmas Island
The second group of Wuhan evacuees arrive at Christmas Island Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට අයත් ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට බලධාරීන් සැක කරයි. වැඩිහිටියෙකු වන මෙම පුද්ගලයා සෙසු පුද්ගලයින්ගෙන් වෙන්කොට නික්ෂණ තත්ත්ව යටතේ තබා ඇති බව වාර්තා වේ. පරීක්ෂණ ප්‍රතිපල ඉදිරි පැය 48 තුළ අපේක්ෂා කෙරේන බවද සඳහන්.

ක්‍රිස්මස් දුපතේ මේ වන විට චීනයේ වුහාන් සිට රැගෙන ආ ඕස්ට්‍රේලියානුවන් 276 ක් කොරෝනා වෛරස නිරෝධායනය සඳහා රැඳී සිටි. දින 14 ක කාලයක් ඔවුන් මෙලෙස රඳවා තබා ගැනෙනු ඇත.

මේ අතර ජපානයේ නැව්ගත කර ඇති Diamond Princess නෞකාවේ තවත් ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙකුද කොරොන වෛරසයට ධනාත්මක බව සොයාගෙන තිබේ. ඒ අනුව මෙම නෞකාවේ සිටින කොරෝනා වෛරසය අසාදිත සමස්ත ඕස්ට්‍රේලියානු මගීන් සංඛ්‍යාව 11 දක්වා ඉහල යයි.

මෙම නෞකාවේ කොරෝනා වෛරස අසාදිතයින් සිටින බවට තහවුරු වීමෙන් අනතුරුව දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ නෞකාවේ සිටින 3,700 වන මගීන් නිරෝධායනය සඳහා ඔවුන්ගේ කැබින්වලට කොටු වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now