SKIP TO MAIN CONTENT

Diego Maradonaගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා ගැන සැකයක්

Diego Maradona
Diego Maradona (Getty Images) Source: Getty Images

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

හිටපු ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක Diego Maradonaගේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

Diego Maradonaගේ මරණය සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා වගකිව යුතුද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරේ. Buenos Aires හි පොලිසිය නිලධාරීන් එම වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානය පරීක්ෂා කොට ඇති අතර බලධාරීන් පවසන්නේ මොලයේ ලේ කැටියක් හේතුවෙන් සිදු කල සැත්කමින් පසු Diego Maradonaට එම වෛද්‍යවරයා නිසි ලෙස ප්‍රතිකාර ලබා දී ඇතිද යන්න සොයා බැලීම මෙහි අරමුණ බවයි.

හදිසි සේවා මගින් සිදු වූ මන්දගාමී ප්‍රතිචාරය පිළිබඳව සිය විරෝධය පලකරමින් Diego Maradonaගේ මරණය පිළිබඳව සම්පුර්ණ පරීෂණයක් අවශ්‍ය බවට නීතීඥ Matias Moria පසුගිය සතියේදී සඳහන් කිරීම මේ සඳහා හේතු වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now