SKIP TO MAIN CONTENT

සිඩ්නි ගුවන් තොටුපොළේ රේඩාර් දෝෂයක් හේතුවෙන් සියලු ගුවන් ගමන් ප්‍රමාදයි.

Sydney Airport 'radar failure'
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ ඇතිවූ රේඩාර් ඇනහිටීමක් හේතුවෙන්  සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් ගමන් සියල්ලක්ම අද (25/09) උදෑසන සිට ප්‍රමාද වී තිබෙන බව වාර්තා වේ.

අද  අලුයම 5 ට පමණ ඇතිවූ මෙම දෝෂය හේතුවෙන් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන සහ ඒ වෙතට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව සීමාසහිත කර තිබෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ පාසල් නිවාඩුවේ ආරම්භක දිනය අද වීම හේතුවෙන් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අද දිනය ඉතා කාර්ය බහුල දිනයක් බවට ද පත්වී තිබේ.

මේ හේතුවෙන් ගුවන් මගීන් සිය ගණනක් තම ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා සිඩ්නි ගුවන් තොටුපොළේ තම කාලය  කිරීමටද සිදුව සඳහන්.

Sydney Airport 'radar failure'
Source: SBS

අද දිනයේදී සිඩ්නි ගුවන් තොටුපොළ හරහා යම් ගුවන් මගියෙකු ගමන් කරනවානම්  තමාගේ ගුවන් ගමන පිළිබඳ ගුවන් තොටුපොළට පැමිණීමට පෙරාතුව දෙවරක් පරීක්ෂා කරන මෙන් සිඩ්නි ගුවන් තොටුපොළ බලධාරීන් ඉල්ලා සිටියි.

Qantas, Virgin Australia සහ Jetstar යන ගුවන් සේවාවන් මේ වන විටත් ඇතිවී තිබෙන ප්‍රමාදය පිළිබඳ තම ගුවන් මගීන්ව දැනුවත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now