සිඩ්නි සහ මෙල්බන් නිවාස වෙළෙඳ පොළ 2018 වසරේදී පුපුරා යන ලකුණු. (SBS සිංහල/වාර්තා)

SQM වාර්තාවට අනුව 2017 වසරේදී සිඩ්නි නුවර නිවාස මිල ගණන් 11-16 අතර ප්‍රතිශතයකින් ද මෙල්බන් නුවර 10-15 අතර ප්‍රතිශතයකින්ද වර්ධනය වන බව පෙන්වා දෙයි.

Australia property market.

墨爾本市中心 Source: Shutterstock

සිඩ්නි සහ මෙල්බන් නගර වල දේපළ වෙළෙඳ පොලෙහි මිල ගණන් ලබන වසර වන විට තව තවත් ඉහළ නගින අතර 2018 වසරේදී එය පුපුරා යන බව ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් බහුල දේපළ විශ්ලේෂකයෙකු  අනාවැකි පළ කරයි.

සිඩ්නි නුවර පාදක කරගනිමින් Louis Christopher නමැති ප්‍රකට දේපළ විශ්ලේෂකයාගේ SQM පර්යේෂණ වාර්තාව මේ බව තහවුරු කරයි.

2017 වසර සඳහාවූ ඔහු නිකුත් කළ දේපළ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව පොලී අනුපාතිකයන් වෙනස් කිරීමට හේතුව සහ සිඩ්නි හා මෙල්බන් දේපළ වල මිල ගණන් වෙනස්වීම ඇතුළු බොහෝ කරනු දක්වා ඇත.

පසුගිය සති කිහිපය තුළ විශේෂයෙන් සිඩ්නි නිවාස වෙළෙඳ පොළෙහි ශීඝ්‍ර ඉහළ යාමක් අපට දැක ගත හැකි වූ බව Louis Christopher පවසයි.

මෙම ඉහළ යාම දිගින් දිගටම සිදුවන බවත් 2017 වසර දක්වා එය කිසිදු ගැටළුවක් නොමැතිව ගමන් කරන බවත් ඔහු පැවසීය.

SQM වාර්තාවට අනුව 2017 වසරේදී සිඩ්නි නුවර නිවාස මිල ගණන් 11-16 අතර ප්‍රතිශතයකින් ද මෙල්බන් නුවර 10-15 අතර ප්‍රතිශතයකින්ද වර්ධනය වන බව පෙන්වා දෙයි.

මේ මිල මට්ටම 2015 වසරේ මැද භාගයේ සිඩ්නි නුවර වැඩිවූ 19% මට්ටමට වඩා පහළ බවද Christopher පැහැදිලි කරයි.

“අපි හිතන විදියට සිඩ්නි නිවාස 40%ක ප්‍රතිශතයකින් අධි තක්සේරු කර තිබෙනවා. මෙල්බන් වලත් ඊට සමානයි. නමුත් මෙල්බන් ඉතිහාසයේ වාර්තා වී ඇති  ඉහළම අධි තක්සේරුව මෙය බවත් කියන්නට පුළුවන්.” Christopher වැඩි දුරටත් පැවසීය.

2017 වසරේ අග භාගය වන විට මෙලෙස මිල වැඩි වීම ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවට ගැටළු මතු කෙරෙනු ඇත. ඒ අනුව පසුවට කල් නොදා හැකි විගස වෙළෙඳ පොළ සන්සුන් කිරීමට ක්‍රියා කල යුතු බව Christopher පෙන්වා දෙයි.

පසුගිය මාස 18 ඇතුළත ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හා බැංකු නියාමන APRA ආයතනය මේ පිලිබඳ කිසිදු ක්‍රියාවක් නොගත් බව SQM වාර්තාව පවසයි.

කිසදු ක්‍රියාවක් නොගැනීම භයානක එකක් බව Christopher පවසයි. ප්‍රමාද නොමැතිව විගසින් ක්‍රියා මාර්ග ගැනීම නුවණැති ක්‍රියාවක් බවත් එසේ නොමැති වුවහොත් 2018 වසරේදී මෙය විශාල අර්බුදයක් බවට පත්වෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

2017 වසරේදී සිඩ්නි සහ මෙල්බන් සේ ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රධාන නගර වල දේපළ මිල ඉහළ නොයන බව පෙන්වා දෙන Christopher, සිඩ්නි සහ මෙල්බන් වෙළෙඳ පොළවල ඇතිවන කඩා වැටීම සමස්ත ඔස්ට්‍රේලියාවටම දැනෙනු ඇති බවද පෙන්වා දෙයි.

පර්ත් සහ ඩාවින් නගර වල වෙළඳ පොළෙහි මිල ගණන් පහල යාම 2017 වසරේ අවසන් වරට සිදු වනු ඇති බවද ඔහු පවසයි.

ඇඩිලේඩ්, බ්‍රිස්බන් සහ කැන්බරා නගර වල වෙළඳ පොළ මිල මධ්‍යස්ත ලෙස ඉහළ යාහැකි බවටත් හෝබාට් හි ඉලක්කම් දෙකක වර්ධනයක් සිදුවිය හැකි බවටත් ඔහු අනාවැකි පළ කරයි.

බ්‍රිස්බන් හා මෙල්බන් නගර මධ්‍යයේ නිවාස මිල ගණන් වලට අධික සැපයුම බලපෑ හැකිබවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට පවතින ජනගහන වර්ධනය එලෙසම පැවතුණහොත් 2017 වසරේදී මෙල්බන් සඳහා අතිරේක නිවාස 35,000ක් පමණ අවශ්‍ය වන බව SQM වාර්තාව අනාවැකි කියයි. නමුත් 2018 වසරේදී නිවාස 3000ක පමණ අතිරික්තයක් ඇති වනු ඇතැයි එය පෙන්වා දෙයි.

ජනගහන වර්ධනය සහ නිවාස සැපයුම අතර නොගැලපීම මෙල්බන් වලට වඩා සිඩ්නි නුවර වැඩි බව හෙළිවී ඇත. 2017 වසරේදී සිඩ්නි නුවර නිවාස අතිරික්තය 4000ක් වන අතර 2018 වසෙර්දී එය 9000ක් දක්වා වැඩි වන බව පැවසෙයි.

බ්‍රිස්බන් වල මේ තත්ත්වය 2017 වසෙර්දී 8000ක් වන අතර 2018 වසරේදී 9000ක් වේ. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now