ශ්‍රමය සුරාකමින්, සේවකයිනට අඩු වැටුප් ගෙවීම හේතුවෙන් සිඩ්නි නුවර පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත සමාගමක් වාර්තා ගත දඩ මුදලක්  ගෙවීමේ අවධානමකට මුහුණ සිටින බව වාර්තා වෙයි. 
මෙම සමාගමේ හිමිකරුඅවන් වන Rosario සහ  Enrico Pucci  යන අයට  මෙහිදී දඩ මුදල් නියම වී ඇති අතර,  Grouped Property Services නම් සමාගමට ඩොලර් ලක්ෂ 5ක  ආසන්න දඩ මුදලක් නියම වී ඇති බව සදහන්. අඩු ඉංග්‍රීසි දැනුමක් ඇති සේවකයින් බහුතරයකට මෙලෙස සම්මත වැටුපට වඩා අඩු වැටුපක් මෙම සමාගම  විසින් ගෙවා ඇති බව වාර්තා වෙයි. 
Fair Work Ombudsman,  Natalie James  සදහන් කරන ආකාරයට මෙය තම ආයතනය විසින් මෙහෙයවා ඇති සිද්ධීන් අතර, ඉතා සංකීර්ණ සිද්ධියක් බව සදහන්.




