SKIP TO MAIN CONTENT

2020 A-League පාපන්දු ශූරතාව සිඩ්නි පාපන්දු සමාජය කණ්ඩායම දිනා ගනී

Sydney FC crowned A-League champions
Sydney FC crowned A-League champions Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2020 A-League පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සිඩ්නි පාපන්දු සමාජය ඊයේ සමත් විය.

ඒ අනුව A-League ශූරතාවන් 5 ක් දිනාගත් ප්‍රථම ඔස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම බවටද සිඩ්නි පාපන්දු සමාජ කණ්ඩායම ඊයේ වාර්තාවක් තැබීය.

A-League යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වේ.

සිඩ්නි පාපන්දු සමාජ කණ්ඩායම සමග A-League පාපන්දු තරගාවලියේ මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ Melbourne City කණ්ඩායමය.

Melbourne City කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත් කරමින් සිඩ්නි පාපන්දු සමාජ කණ්ඩායම මෙවර A-League ශූරතාව දිනාගත්තේය.

තරගයේ සම්පූර්ණ මිනිත්තු 90 තුළ කිසිදු කණ්ඩායමක් ගෝල ලබා නොගත් නිසා අමතර කාලයක් ලබා දුන් අතර එහිදී සිඩ්නි පාපන්දු සමාජ කණ්ඩායමේ Rhyan Grant විසින් ගෝලයක් ලබා ගැනීමත් සමග ඔවුන් ජය හිමි කරගත්තේය.

තරගයේ වීරයා වූ Rhyan Grant හට Joe Marston පදක්කමද පිරි නැමුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now