සිඩ්නි සහ මෙල්බර්න් නගර ලොව නිවාස මිල අධිකම නගර අතරට

Cecil Hills, Western Sydney, Aerial Photography

Housing affordability in Sydney has become a critical issue with people being unable to afford housing even on the edges of the city. Source: Moment RF

ඕස්ට්‍රේලියානු නිවාස මිල ගණන් තවත් ඉහල ගොස් ඇති බවත්, ලොව නිවාස මිල අධිකම නගර අතරට ඕස්ට්‍රේලියානු නගර කීපයක්ද ඇතුලත් වන බවත් මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ. Demographia නම් සංවිධානයේ වාර්ෂික වාර්තාවට අනුව සිඩ්නි නුවර  නිවසක සාමාන්‍ය අදායමට වඩා නිවාස මිළ ගණන් 13 ගුණයකින් වැඩි බව සදහන්. එම වාර්තාවට අනුව සිඩ්නි නුවර දෙවැනි වන්නේ Hong Kong දේශයට පමණයි. Hong Kong හී  නිවසක සාමාන්‍ය අදායමට වඩා නිවාස මිළ ගණන් 20 ගුණයකින් වැඩි බව සදහන්. මෙලෙස ලොව නිවසක් මිලදී ගැනීමට අසීරුම නගර (least affordable) 10 මෙම වාර්තාව මගින් නම් කර ඇති අතර පළමු තැන Hong Kong දේශයටත්, දෙවැනි තැන සිඩ්නි නුවරටත්, තුන්වැනි තැන කැනඩාවේ Vancouver නගරයටත් හිමිව තිබේ. මෙම වර්ගීකරණය නිවසක් මිලදී ගැනීමට අසීරුම නගර අතර සිව්වැනි තැනට පත් වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ San Jose නගරය වන අතර පස්වැනි තැනට Melbourne පත්ව තිබේ. ඇමරිකාවේ Los Angeles නගරය හය වැනි තැනට පත්ව ඇති අතර නවසීලන්තයේ  Auckland නගරය නව වැනි තැනටත් London නුවර 10 වැනි තැනටත් පත්ව ඇති බව සදහන්.

Demographia සමීක්ෂණ වාර්තාවට අනුව ලොව නිවාස මිලදී ගැනීමට අපහසුම නගර

Demographia survey
Source: Demographia survey

මෙම වර්ගීකරණය තුල ඕස්ට්‍රේලියාවේ සෙසු නගර වන Adelaide, Brisbane සහ Perth යන නගර වලට පිලිවෙලින්  16,  18,  සහ  21 වැනි ස්ථාන හිමිව තිබේ. මෙල්බර්න් නුවර නිවසක සාමාන්‍ය අදායමට වඩා නිවසක මිල 10 ගුණයකින් වැඩි බව සදහන්. Demographia සංවිධානය මගින් එළි දක්වන ලද මෙම වාර්තාවේ කරුණු සමග සමහරක් ඕස්ට්‍රේලියානු විශේෂඥයින් එකඟ නොවන අතර, CoreLogic ආයතනයේ අධ්‍යක්ෂ Tim Lawless පවසන්නේ මෙම අගයන් මීට වඩා  අඩු මට්ටමක පවතින බවයි. ඔහුට අනුව සිඩ්නි නුවර  නිවසක සාමාන්‍ය අදායමට වඩා නිවාස මිළ ගණන් 9 ගුණයකින් වැඩි බව සදහන්. තවද මෙල්බර්න් නුවර  නිවසක සාමාන්‍ය අදායමට වඩා නිවාස මිළ ගණන් 7.5 ගුණයකින් පමණක් බව ඔහුගේ මතය වී තිබේ. Demographia ආයතනයේ වාර්තාවෙන් එළි  දක්වා ඇති දත්ත වලට වඩා  ඕස්ට්‍රේලියාවේ අනෙක් නගර වලද නිවාස මිල අගයන් පහත මට්ටමක පවතින බව CoreLogic පර්යේෂණ ආයතනය සදහන් කරයි. මෙම සමීක්ෂණ දෙක ක්‍රියාත්මක වී ඇති ආකාරය තරමක් එකිනෙකට වෙනස් අතර,  CoreLogic සමීක්ෂණය නිවාස සහ Apartment මිල ගණන් නිවසක අදායම සමග සංසන්දනය කර ඇති අතර Demographia නිවාස මිල ගණන් පමණක් නිවසක අදායම සමග සංසන්දනය කර තිබේ.


Sydney, Melbourne සහ Brisbane යන නගර වල තට්ටු නිවාස (Apartment) ඉදි කිරීමේ ඉතා ඉහල ප්‍රවනතාවයක් දක්නට ලැබුනද, එය නිවාස වෙළද පොලේ ඉල්ලුම සපුරාලීමට ප්‍රමණවත් නොවන බව විශේෂඥ මතයයි. CoreLogic ආයතනයේ අධ්‍යක්ෂ Tim Lawless පවසන්නේ තරමින් තරමක් විශාල නිවාස ඉදිකිරිම වැඩි කිරීමෙන් නිවාස මිල පහල දැමීමට හැකි වනු ඇති බවයි. ජනගහන වර්ධනයට මුහුණ දීමටතට්ටු නිවාස වෙනුවට සාමාන්‍ය නිවාස ඉදිකිරිම වර්ධනය කල යුතු බව Lawless මහතාගේ මතයයි.  තවද නිවාස ඉදිවන ප්‍රදේශ අශ්‍රිතව පාසැල්, මාර්ග , කඩසාප්පු ආදී පසුතල පහසුකම් වර්ධනයද සිදු කල යුතු බව ඔහුගේ මතයයි.  තවද නිවාස ණය සදහා ගෙවන පොලියද සමාජය තුල නිවාස මිලදී ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධාන සාධකයක් බව Tim Lawless මහතා පවසයි. මෙල්බර්න් නුවර නිවසක සාමාන්‍යය අදායමෙන් සියයට 40ක් නිවාස ණය ගෙවීමට යොදවන බව සදහන් අතර, ඕස්ට්‍රේලියාවේ අනෙක් නගර වල එය සියයට 28ත් - 35ත් අතර ප්‍රතිශතයක් බව සදහන්.





Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සිඩ්නි සහ මෙල්බර්න් නගර ලොව නිවාස මිල අධිකම නගර අතරට | SBS Sinhala