ඔස්ට්‍රේලියාවේ අද්විතීය සලකුණ : Sydney Opera House, ඉතිහාසයේ විශාලතම නවීකරණයට සැරසෙයි. (SBS සිංහල/වාර්තා)

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම කාර්ය භාරය වන්නේ Sydney Opera House හි ලෝක ප්‍රසිද්ධ ප්‍රධාන ප්‍රසංග ශාලවේ ධ්වනිචාරය (acoustics) භාවය ඉහළ නැංවීමය. මෙමගින් එම ශාලාවේ ශබ්ද ගුණය වඩාත් පැහැදිලි සහ උසස් තත්වයෙන් අසන්නන්ට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

Sydney Opera House

Sydney Opera House Source: Flickr

ලෝක සිතියමේ ඔස්ට්‍රේලියාව පිළිබඳ අද්විතීය බිම් සලකුණක් වන Sydney Opera House නවීකරණය කිරීමට ඩොලර් මිලියන 202ක ව්‍යාපෘතියක් දියත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි. වසර 43 ක Sydney Opera House ඉතිහාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන විශාලතම නවීකරණය මෙය බවද වාර්තා වේ.

Supplied undated artist rendered image of the new Function Centre, part of the renewal project for the Sydney Opera House.
Supplied undated artist rendered image of the new Function Centre, part of the renewal project for the Sydney Opera House. Source: AAP

මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ ආබාධිත පුද්ගලයන් හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රම, නවීනතම චිත්‍ර සහ කළා නිර්මාණ, ප්‍රධාන ආලින්ද වල පෙනුම නවීන පන්නයට හැඩ ගැන්වීමට බලා පොරොත්තු වෙයි. මීට අමතරව Sydney Opera House හි ලෝක ප්‍රසිද්ධ ප්‍රධාන ප්‍රසංග ශාලවේ ධ්වනිචාරය (acoustics) භාවය ඉහළ නැංවීම සහ එහි ඇතුලාන්තය මුළුමනින්ම නවීකරණය කිරීමටද සම්භාෂණ මධ්‍යස්ථානයක් සහ දරුවන් සඳහා නිර්මාණශීලී ඉගැනුම් මධ්‍යස්තානය්ක් අලුතින් ඉදි කිරීමටද අපේක්ෂිතය.  

මෙම විශිෂ්ට කලා නිර්මාණය අනාගත පරපුරට යාවත් කාලීන ලෙස දායාද කිරීම මෙහි මූලික අරමුණ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය නගරාධිපති පවසා තිබේ.

Supplied undated artist rendered image of the new Box Office Foyer, part of the renewal project for the Sydney Opera House.
Supplied undated artist rendered image of the new Box Office Foyer, part of the renewal project for the Sydney Opera House. Source: AAP

මෙම ව්‍යාපෘතියෙන් අනතුරුව Sydney Opera House හි ප්‍රථම වතාවට කුඩා දරුවන්ට සහ තරුණ පරපුරට තමන්ටම වෙන්වූ ඉඩක් හිමි වනු ඇතැයි Sydney Opera House හි ප්‍රධාන විධායක නිලධාරිනි Louise Herron ප්‍රකාශ කර තිබේ. එය ඇත්තටම ඉතාමත් අලංකාර ස්ථානයක් බවට පත් වේවි යයිද ඇය වැඩි දුරටත් පවසා තිබුණි.

Sydney Opera House හි දැනට පවතින ඇමතුම් මධ්‍යස්ථානය සහ නීති කාර්යාලය පිහිටි ප්‍රදේශයේ දරුවන් සඳහා නිර්මාණශීලී නව ඉගැනුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට අපේක්ෂිතය. එහි වෙනමම ඩිජිටල් පන්ති කාමරයක්ද නිර්මාණය කිරීමට සැරසෙන බවද වාර්තා වේ. මෙහි වැඩ කටයුතු ලබන වසරේ අග භාගයේ ආරම්භ කර 2018 වසරේ මැද භාගයේ නිම කිරීමට නියමිතය.

Supplied undated artist rendered image of the Creative Learning Centre, part of the renewal project for the Sydney Opera House.
Supplied undated artist rendered image of the Creative Learning Centre, part of the renewal project for the Sydney Opera House. Source: AAP

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම කාර්ය භාරය වන්නේ Sydney Opera House හි ලෝක ප්‍රසිද්ධ ප්‍රධාන ප්‍රසංග ශාලවේ ධ්වනිචාරය (acoustics) භාවය ඉහළ නැංවීමය. ලොව වටා සිටින ශාස්ත්‍රීය හා නූතන සංගීතඥයන් මෙන්ම දේශකයන් සහ අනෙකුත් ප්‍රසිද්ධ කළා ශිල්පීන් මෙම ප්‍රධාන ප්‍රසංග ශාලාව බහුලව තම වැඩ කටයුතු සඳහා භාවිත කරයි. නව ව්‍යාපෘතියට අනුව ප්‍රධාන ප්‍රසංග ශාලාවේ නව ධ්වනිචාර සිවිලීමක් (new acoustic ceiling), විශේෂයෙන් නිර්මාණය කළ ධ්වනිචාර පරිවර්තක (acoustic reflectors) සවි කිරීමට අදහස් කරයි. මෙමගින් එම ශාලාවේ ශබ්ද ගුණය වඩාත් පැහැදිලි සහ උසස් තත්වයෙන් අසන්නන්ට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

Sydney Symphony Orchestra හි ප්‍රධාන පාලක David Robertson පවසන්නේ මෙම සියලු අංග සවි කිරීමෙන් අනතුරුව Sydney Opera House හි ප්‍රධාන ප්‍රසංග ශාලාව ලොව විශිෂ්ටතම ශාලාව බවට පත්වනු ඇති බවයි. වසරක් පාසා මිලියන 8.2ක ජනතාවක් Sydney Opera House නැරඹීමට පැමිණෙන අතර ඔස්ට්‍රේලියාවේ අංක එකේ සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය ලෙසද මෙය සටහන් වේ. මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ Sydney Opera House නැරඹීමට පැමිණෙන පිරිස් හට විනෝදය ලබා දීමට මෙන්ම ආබාධිත පුද්ගලයන් හට එහා මෙහා ගමන් කිරීමට පහසුකම් වැඩි දියුණු කිරීමද සිදු කෙරෙනු ඇත. ඒ යටතේ නව විදුලි සෝපාන 3ක්ද ප්‍රධාන ප්‍රසංග ශාලාව තුළ රෝද පුටු රඳවා තබන ස්ථාන 26ක්ද ඉදි කිරීමට නියමිතය.

Supplied undated artist rendered image of upgrades to the Concert Hall, part of the renewal project for the Sydney Opera House.
Supplied undated artist rendered image of upgrades to the Concert Hall, part of the renewal project for the Sydney Opera House. Source: AAP

Sydney Opera House හි ප්‍රධාන ප්‍රසංග ශාලාවේ නවීකරණ කටයුතු 2019 වසරේ අගෝස්තු මස ආරම්භ කෙරෙන අතර 2021 වසරේ ජනවාරි මස නිම කිරීමට නියමිතය. එම කාලය ඇතුලත ප්‍රධාන ප්‍රසංග ශාලාව තාවකාලිකව වසා දැමීමට සිදුවන බවද බලධාරීන් ප්‍රකාශ කරයි. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now