ලැව්ගිනි දුම් වලින් සිඩ්නි නුවරට තාමත් ගැලවීමක් නැහැ : කාලගුණ අංශ අනතුරු අඟවයි

Sydney haze

Sydney haze

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් ඇතිව තිබෙන වායු දුෂණය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා සිටි. වාතයේ දුමර තත්වය අවම වශයෙන් මෙම ඉරිදා දක්වා පවතිනු ඇති බවට කාලගුණ කාර්යාංශ පුරෝකථන වාර්තා සනාථ කොට සිටී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලැව්ගිනි 129 ක් මේ වන විට දැවෙමින් පවතින අතර ඉන් 65 ක් තවමත් පාලිත තත්ව යටතට පත්කොට නොමැති බව වාර්තා වේ.
මේ අතර ප්‍රාන්තය පුර පනවා ඇති Total fire ban හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා සඳහා වන තහනම ග්‍රේටර් සිඩ්නි, ග්‍රේටර් හන්ටර් , ඉලෙවරා ශෝල්හෙවන් , දකුණු වෙරල කලාපය, මොනාරෝ  ඇල්පයින්, ප්‍රාන්තයේ දකුණු, ගිනිකොණ සහ මධ්‍යම ප්‍රදේශ, වල ට තවදුරටත් බලපැවැත්වෙන බව ගිනි නිවීමේ අංශය මහජනතාවට දන්වා සිටි.
මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ද ගිනිකොන ප්‍රදේශයට වන්නට හටගෙන ඇති ලැව්ගිනි මර්දනය සඳහා ප්‍රාන්ත ගිනි නිවීමේ අංශය තවදුරටත් සටනක නියැලී සිටින බව වාර්තා වේ. එම ප්‍රදේශයේ සිටින ප්‍රදේශ වාසීන්ට ඉන් ඉවත්වන ලෙසට බලකිරීමට සිද ඇතැයිද සඳහන්.
ප්‍රාන්තයේ නිරිත ට වන්නට ඇති මිල්මෙරන් සහ ටූවුම්බා ප්‍රදේශ වල පවතින ලැව්ගිනි හේතුවෙන් ජෝර්ජ් අධිවේගී මාර්ගහි කොටසක් වසාදමා තිබේ. ෆොරස්ට් රිජ් ප්‍රදේශයේ ලැව්ගිනි 24 ක් පමණ හටගෙන ඇති අතර එම ප්‍රදේශයේ වැසියන්ටද ආරක්‍ෂිත ස්ථාන කරා පිටවන ලෙසටද අනතු ඇඟවීම් කොට ඇත.

 


Share

Published

Updated


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලැව්ගිනි දුම් වලින් සිඩ්නි නුවරට තාමත් ගැලවීමක් නැහැ : කාලගුණ අංශ අනතුරු අඟවයි | SBS Sinhala