SKIP TO MAIN CONTENT

Big Bash League : දෙවන අවසන් පූර්ව තරගය : Brisbane Heat පරදා ජය ලැබූ Sydney Sixers අවසන් මහා තරගයට.

Big Bash League 2017
Source: cricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ දින වල පැවැත්වෙන Big Bash League ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස බ්‍රිස්බන් හිදී  ඊයේ (25/01) පැවති තරගයෙන්  Brisbane Heat පරදා Sydney Sixers  කණ්ඩායම සුපිරි පන්දු වාරයේදී ලකුණු 7 කින් ජය අත් කරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු Sydney Sixers  කණ්ඩායම Brisbane Heat  හට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව Brisbane Heat  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 කට ලකුණු 167 ක් ලබා ගත්තේය.

එහිදී නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 46 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sydney Sixers  කණ්ඩායම පන්දුවාර 20 අවසානෙයේ කඩුලු  8 ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගත් අතර තරගය ලකුණු සමවූ නිසා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ඒ අනුව සුපිරි පන්දු වාරයට මුලින්ම මුහුණ දුන් Sydney Sixers  කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22 ක් ලබාගත් අතර Brisbane Heat කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 15 ක් පමණි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 7 ක ජයක් අත් කරගැනීමට Sydney Sixers  කණ්ඩායම සමත් විය.

Sydney Sixers  කණ්ඩායමේ නායක Moises Henriques තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now