පුද්ගලයෙකු පැන මිය යාමෙන් පසුව Sydney Tower Eye නැරබීමට යන අයගේ ආරක්ෂාව තර කෙරේ (SBS සිංහල/ වාර්තා)

tower

Source: Sydney Tower Eye -ABC

මාස 4ක් තුල නැවතත් දෙවැනි වරටත් sydney tower කුලුනින් පැන  පුද්ගලයෙකු මිය යාමෙන් පසුව Tower එකෙහි Sky walk සිදු කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. කලින් පාවිච්චි කල බැඳ පටියට වඩා උරහිසින් පුද්ගලයා රදවා තබා ගැනීමේ රැහැන සවි කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය ඉරිදා මෙසේ මීටර 268ක් උස කුලුනින් පැන  අයෙකු මිය ගියා .

Sydney Tower කළමනාකාරීත්වය පවසන්නේ එහි ආරක්ෂාව ලෝකයේ ඉහල තත්වයක ඇතත් මෙම අවාසනාවන්ත සිදුවීමේදී එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්  වෙනුවෙන් ශෝකය පල කරන බවයි . පසුගිය මාර්තු මසද කාන්තාවක් කුලුනින් පැනීමෙන් මිය ගියා. ඒ අවස්ථාවේ සිඩ්නි නුවර Pitt වීදියේ කොටසක් වසා තැබීමට සිදු වුනා. ඒ සිදුවීම් වලින් පසුව කුලුනේ කළමනාකාරීත්වය නව රැහැන් බාවිතය හා වෙනත් ආරක්ෂක පියවර අනුගමනය කර තිබේ .

tower
Source: Sydney Tower Eye -ABC

ඉන් පසුව දැන් ආරක්ෂාව සදහා වන ඇඳුම්, රැහැන ආදියත් සංචාරකයින් දැනුවත් කිරීම ත් ආරම්භ කර තිබේ


1 min read

Published

Updated

By Charitha Adikari

Source: ABC Australia



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now