SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර දුම්රිය මගීන් අදත් අමාරුවේ වැටෙයි.

Sydney Trains delays and cancellations
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර දුම්රිය ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් අද (15/01) දිනයේද සිදුවීමට ඉඩ ඇති බවට සිඩ්නි නුවර දුම්රිය මගීන් ට අනතුරු අඟවා තිබේ.

සිඩ්නි දුම්රිය පද්ධතියට අද දිනය මහත්වූ අභියෝගාත්මක දිනයක් බවට වෘත්තීය සමිති පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

බොහෝ දුම්රිය සේවකයින් අද දින නිවාඩු ලබා තිබීම ඊට හේතුව ලෙස දැක්වේ.

ඒ අනුව අද පෙරවරුවේ සහ පස්වරුවේ දුම්රිය ගමන් 40 ක් පමණ අවලංගු කර ඇති බව සිඩ්නි දුම්රිය අධිකාරිය මේ වන විට නිවේදනය කර තිබේ.

මීට අමතරව සිඩ්නි හි Hornsby  මංසන්ධිය නැවත විවෘත කර ඇති බැවින් එම ප්‍රදේශය ආශ්‍රිතව තදබදයක් ද හටගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ.

සිඩ්නි නුවර මෙම දුම්රිය අර්බුදය පසුගිය ජනවාරි 09 වන දින සිට ක්‍රියාත්මක වෙමින් පවතී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now