ලැව් ගිනි සහ අධික උෂ්ණත්වය මධ්‍යයේ සිඩ්නි නුවර නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය පැවැත්වීමට තීරණය කෙරේ

Sydney’s New Year’s Eve fireworks

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ විශාලතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය වන සිඩ්නි නුවර නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු නොකර හෙට (31/12)  රාත්‍රියේ පැවැත්වීමට තීරණය කර ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

සිඩ්නි නගර සභාව විසින් එම තීරණය ගෙන ඇති බවත් තමන් එයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඇය පවසයි.

පවතින ලැව් ගිනි සහ අධික උෂ්ණත්වය නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර බොහෝ කලාප වලට total fire ban හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා සපුරා තහනම් කර ඇති තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

කෙසේහෝ සිඩ්නි නුවර පැවැත්වෙන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අහෝසි කිරීමට එම හදිසි තත්ත්ව බල නොපානු ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවා කොමසාරිස් Shane Fitzsimmons පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now