ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ විශාලතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය වන සිඩ්නි නුවර නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු නොකර හෙට (31/12) රාත්‍රියේ පැවැත්වීමට තීරණය කර ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.
සිඩ්නි නගර සභාව විසින් එම තීරණය ගෙන ඇති බවත් තමන් එයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඇය පවසයි.
පවතින ලැව් ගිනි සහ අධික උෂ්ණත්වය නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර බොහෝ කලාප වලට total fire ban හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා සපුරා තහනම් කර ඇති තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
කෙසේහෝ සිඩ්නි නුවර පැවැත්වෙන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අහෝසි කිරීමට එම හදිසි තත්ත්ව බල නොපානු ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවා කොමසාරිස් Shane Fitzsimmons පවසයි.