T20 ඉතිහාස වාර්තා තබමින් ශ්‍රී ලංකාව, පාකිස්තානය 3-0 ක් ලෙස පරාජයට පත් කරයි.

Sri Lanka tour of Pakistan at Lahore

Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09/10) පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ලකණු 13 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම 20-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව, ඉතිහාසයේ මීට පෙර තරග 3කින් සමන්විත කිසිදු ජාත්‍යන්තර 20-20 තරගාවලියක් 3-0 ක් ලෙස ජයගෙන නොමැත.

ඒ අනුව පැවති සියලු තරග ජයගනිමින් 3-0 ක් ලෙස ජයග්‍රහණය කළ පළමු 20-20 ජාත්‍යන්තර තරගාවලිය මෙය ලෙස ඉතිහාසගත වනු ඇත.

එමෙන්ම පාකිස්තානය ද මීට පෙර තරග 3කින් සමන්විත කිසිදු ජාත්‍යන්තර 20-20 තරගාවලියක් 3-0 ක් ලෙස පරාජයවී නැත.

මීට අමතරව වසර 13 ක ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් ඉතිහාසයේ, ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව 20-20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ද මෙය වේ.

Sri Lanka tour of Pakistan at Lahore
SL Skipper, Dasun Shanaka with the winning Cup. Source: Facebook

තුන්වන 20- 20 තරගය

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 147 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 30 කට දැවී ගිය අතර සිය ප්‍රථම 20-20 ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 48 කදී වේගවත් ලකුණු 78ක් නොදැවී ලබාගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 147 සීමාවට ගෙන ගියේය.

ඕෂධ ගේ ලකුණු 78 ට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 8 ක් ඇතුලත් විය.

Sri Lanka tour of Pakistan at Lahore
Oshada Fernando Source: Facebook

ජයග්‍රාහී ලකුණු 148 ක් ලබාගැනීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 6 කට ලකුණු 134 ක් පමණි.

පාකිස්තානු ඉනිමේ පළමු පන්දුවෙන්ම Fakhar Zaman ව දවාගැනීමට කසුන් රාජිත සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 3 ක්ද ලහිරු කුමාර කඩුලු 2 ක්ද ලබාගත්තෝය.

තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද වනිඳු හසරංග හට හිමි විය.

මෙම තරගාවලියේ ජයග්‍රහණයත් සමග 20-20 තරග රටාවේ නවතම ICC ශ්‍රේණිගත කිරීමේදී 8 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ 20-20 ජාත්‍යන්තර තරගාවලිය ඔස්ට්‍රේලියාව සමග එළඹෙන ඔක්තෝබර් 27 වන දින ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වීමට නියමිතය.

Sri Lanka tour of Pakistan at Lahore
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now