T20 ඉතිහාස වාර්තා තබමින් ශ්‍රී ලංකාව, පාකිස්තානය 3-0 ක් ලෙස පරාජයට පත් කරයි.

Sri Lanka tour of Pakistan at Lahore

Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09/10) පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ලකණු 13 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම 20-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව, ඉතිහාසයේ මීට පෙර තරග 3කින් සමන්විත කිසිදු ජාත්‍යන්තර 20-20 තරගාවලියක් 3-0 ක් ලෙස ජයගෙන නොමැත.

ඒ අනුව පැවති සියලු තරග ජයගනිමින් 3-0 ක් ලෙස ජයග්‍රහණය කළ පළමු 20-20 ජාත්‍යන්තර තරගාවලිය මෙය ලෙස ඉතිහාසගත වනු ඇත.

එමෙන්ම පාකිස්තානය ද මීට පෙර තරග 3කින් සමන්විත කිසිදු ජාත්‍යන්තර 20-20 තරගාවලියක් 3-0 ක් ලෙස පරාජයවී නැත.

මීට අමතරව වසර 13 ක ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් ඉතිහාසයේ, ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව 20-20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ද මෙය වේ.
Sri Lanka tour of Pakistan at Lahore
SL Skipper, Dasun Shanaka with the winning Cup. Source: Facebook

තුන්වන 20- 20 තරගය

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 147 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 30 කට දැවී ගිය අතර සිය ප්‍රථම 20-20 ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 48 කදී වේගවත් ලකුණු 78ක් නොදැවී ලබාගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 147 සීමාවට ගෙන ගියේය.

ඕෂධ ගේ ලකුණු 78 ට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 8 ක් ඇතුලත් විය.
Sri Lanka tour of Pakistan at Lahore
Oshada Fernando Source: Facebook
ජයග්‍රාහී ලකුණු 148 ක් ලබාගැනීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 6 කට ලකුණු 134 ක් පමණි.

පාකිස්තානු ඉනිමේ පළමු පන්දුවෙන්ම Fakhar Zaman ව දවාගැනීමට කසුන් රාජිත සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 3 ක්ද ලහිරු කුමාර කඩුලු 2 ක්ද ලබාගත්තෝය.

තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද වනිඳු හසරංග හට හිමි විය.

මෙම තරගාවලියේ ජයග්‍රහණයත් සමග 20-20 තරග රටාවේ නවතම ICC ශ්‍රේණිගත කිරීමේදී 8 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ 20-20 ජාත්‍යන්තර තරගාවලිය ඔස්ට්‍රේලියාව සමග එළඹෙන ඔක්තෝබර් 27 වන දින ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වීමට නියමිතය.
Sri Lanka tour of Pakistan at Lahore
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service