SKIP TO MAIN CONTENT

T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල් දමයි

T20 Cricket World Cup postponed to next year
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

මේ වසරේ ඕස්ට්‍රේලියාවෙ පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, කොරෝනා තත්ත්වය හේතුවෙන්, ලබන වසරේ ඔක්තෝබර් දක්වා කල් තැබීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වයි.

තරඟාවලිය ඔක්තෝබර් මස 18 වැනි දින සිට නොවැම්බර් 15 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබින.

මේ අතර ගිම්හාන ඍතුවේදී ආරම්භ වන බිග් බෑෂ් ඕස්ට්‍රේලියානු අන්තර් ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය නියමිත කාල සටහනට අනුව පැවැත්වීමට හැකි වෙතැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා විශ්වාසය පලකොට සිටී.

ඉන් පළමුවැන්න දෙසැම්බර් 3 දා ඇඩිලේඩ් ස්ට්‍ර්යිකර්ස් සහ මෙල්බර්න් රෙනගේඩ්ස් අතර පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් එම කාල සීමාවේදී පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මෙය නිශ්චිත ලෙසින් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇති බවද ක්‍රිකට් ඕස්ට්‍රේලියා වැඩිදුරටත් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now