SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණි දමිළ ජාතික සරණාගතයින් ව ඇමෙරිකාවට බාර ගැනීම ප්‍රතික්ෂේප වන ලකුණු.

There are concerns that the 240 Tamil asylum seekers on Manus Island and Nauru could be disqualified from the U-S resettlement deal
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට පැමිණ මානුස් සහ නාවුරු දූපත් වල රඳවා සිටින දමිළ ජාතික සරණාගතයින් ව බාර ගැනීමට ඇමෙරිකාව අකැමැත්ත පල කිරීමට ඉඩ ඇති බැවින් ඔවුන්ව ස්ථාපනය කිරීමට විකල්ප රටක් සොයා ගත යුතු බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් පවසයි.

මානුස් සහ නාවුරු දූපත් වල රඳවා සිටින සරණාගතයින් 1250 ක් බාරගැනීමට ඇමෙරිකාව මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ.

නමුත් එසේ බාරගන්නා සරණාගත්යින්ව ඇමෙරිකාව විසින් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඇමෙරිකාවේ දේශප්‍රේමි පනත යටතේ ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයින්ව ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන බව ට තොරතුරු හෙළිවී ඇත.

මානුස් සහ නාවුරු දූපත් වල රඳවා සිටින දමිළ ජාතික සරණාගතයින්  සංඛ්‍යාව 240 ක් පමණ වන බව සඳහන්.

දෙමළ කොටි සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර  ඇති අතර එම කරුණද මෙම ක්‍රියාවලියට සෘජුවම බලපාන බව පැවසේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now